පුත්තලම සිට පාලවිය දක්වා දුම්රිය ධාවනය හෙට (19) සිට යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු සුදානම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් රටපුරා දුම්රිය මාර්ග රැසක් විනාශවී තිබූ අතර එම තත්ත්වය හමුවේ මීගමුවේ සිට පුත්තලම දක්වා දුම්රිය මාර්ගයට දරුණු හානි සිදුව තිබිණි.
හලාවත සිට පුත්තලම දක්වා දුම්රිය මාර්ගයේ බත්තුළුඔය පාලම ආසන්නයේ අඩි 200කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම හානිවී තිබුණේ, ගලා ආ දැවැන්ත ජල කඳට හසුවෙමිනි.
මහවැව ප්‍රදේශයේ දරුණු හානියකට ලක්වු ස්ථානය යළි සැකසීමෙන් අනතුරුව හලාවත දක්වා දුම්රිය ධාවනයට පසුගිය දින කටයුතු කර තිබිණි.
මෙම දුම්රිය මාර්ගයේ හානි වු සෙසු ස්ථාන ක්‍රමයෙන් සැකසීමට දුම්රිය දෙපාර්තුමේන්තුවේ මාර්ග නඩත්තු සේවා ඒකකයේ කාර්ය මණ්ඩලය විසින් සිදුකර ඇත.
ඒ අනුව එහි නඩත්තු කටයුතු අද (18) වන විට අවසන්ව ඇති බවත් ඒ අනුව හෙට (19) පෙරවරුවේ පාලවිය දක්වා කාර්යාලය දුම්රිය දින 53කට පසුව ධාවනය කිරීමට කටයුතු සූදානම් කර ඇති බව දුම්රිය දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
