Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මෙරටින් හමුවු ලොව විශාලතම දම් පැහැති ආරුනූල් මැණික

    January 18, 2026

    පරාජිත දේශපාලන ව්‍යාපාර ජාතිවාදය යළිත් ඇති කරනවා – එරංග ගුණසේකර

    January 18, 2026

    දිට්වා නිසා නැවතුන දුම්රිය දින 53කට පසු යළි එන්න සුදානම්

    January 18, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දරුවන්ගේ සතුට වෙනුවෙන් තීරණ ගත යුතුයි – හරිනි අමරසූරිය
    Featured

    දරුවන්ගේ සතුට වෙනුවෙන් තීරණ ගත යුතුයි – හරිනි අමරසූරිය

    By LFNJanuary 18, 2026No Comments2 Mins Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දේශපාලන හෝ පෞද්ගලික සාධක මුල් කරගත් තීරණ ගැනීමෙන් වැළකී, සමස්ත දරුවන්ගේ සතුට වෙනුවෙන් තීරණ ගැනීමට පුරුදු විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසයි.

    ඇය මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (17) පුත්තලම සහිරා මුස්ලිම් විද්‍යාලයේ නිරීක්ෂණයට එක්වෙමිනි.

    ​එහිදී පුත්තලම සහිරා මුස්ලිම් විද්‍යාලයේ සිසුන් විසින් නිර්මාණය කරන ලද පාසලේ නිල වෙබ් අඩවිය එළිදැක්වීම අග්‍රාමාත්‍යතුමිය අතින් සිදු විය.

    ​පාසලේ උසස් පෙළ විද්‍යා විෂය ධාරාව ආරම්භ කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයා ඉදිරිපත් කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ, විද්‍යා විෂය පමණක් නොව අනෙකුත් සෑම විෂයක් සම්බන්ධයෙන්ම දරුවන්ට දැනුම ලබා දිය යුතු බවය.

    ඒ සඳහා දිස්ත්‍රික්කයේ ඇති සියලුම පාසල් ඒකාබද්ධව කටයුතු කළ යුතු බවත්, බෙදීම් ඇති සමාජයක් ගොඩනැගීම රජයේ දර්ශනය නොවන බවත් ඇය අවධාරණය කළාය.

    ​තවද, දරුවන් වෙනුවෙන් හොඳම දේ කළ යුතු බවත්, ඒ සඳහා ගත යුතු තීරණ සම්බන්ධ යෝජනා පාසල් මට්ටමින් සාමූහිකව සාකච්ඡා කර තමන් වෙත දන්වන ලෙසට හරිනි අමසූරිය මෙනෙවිය ඉල්ලා සිටියාය.

    පාසල් වශයෙන් බෙදී වෙන් වී දරුවන්ට සුවපහසු අධ්‍යාපනයක් ලබා දිය නොහැකි බවත්, සැමවිටම දරුවන්ගේ අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දිය යුතු බවත් වැඩිදුරටත් පැවසුවාය.

    ​”අතීතයේ ගනු ලැබූ වැරදි තීන්දු තීරණවල ප්‍රතිවිපාක අප දැන් භුක්ති විඳිනවා. නමුත් අපට දැන් යහපත් වර්තමානයක් තිබෙනවා. එබැවින් මින් ඉදිරියට දේශපාලන හෝ පෞද්ගලික සාධක මුල් කරගත් තීරණ ගැනීමෙන් වැළකී, සමස්ත දරුවන්ගේ සතුට වෙනුවෙන් තීරණ ගැනීමට අප පුරුදු විය යුතුයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෙරටින් හමුවු ලොව විශාලතම දම් පැහැති ආරුනූල් මැණික

    January 18, 2026

    පරාජිත දේශපාලන ව්‍යාපාර ජාතිවාදය යළිත් ඇති කරනවා – එරංග ගුණසේකර

    January 18, 2026

    දිට්වා නිසා නැවතුන දුම්රිය දින 53කට පසු යළි එන්න සුදානම්

    January 18, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,577 Views
    Don't Miss

    මෙරටින් හමුවු ලොව විශාලතම දම් පැහැති ආරුනූල් මැණික

    January 18, 20260116 Views

    මෙරටින් හමු වූ ලොව විශාලතම සහ ඉහළම වටිනාකමින් යුතු දම් පැහැති ආර්නූල් මැණික කොළඹදී එළිදක්වා…

    පරාජිත දේශපාලන ව්‍යාපාර ජාතිවාදය යළිත් ඇති කරනවා – එරංග ගුණසේකර

    January 18, 2026

    දිට්වා නිසා නැවතුන දුම්රිය දින 53කට පසු යළි එන්න සුදානම්

    January 18, 2026

    දරුවන්ගේ සතුට වෙනුවෙන් තීරණ ගත යුතුයි – හරිනි අමරසූරිය

    January 18, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.