Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නිර්දෝෂි බව ඔප්පු කරන්න සැමියා බිරිඳට දුන් බිහිසුණු දඬුවම

    January 18, 2026

    දෛනික සෝදිසි මෙහෙයුමෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

    January 18, 2026

    හල්දුම්මුල්ල ප්‍රදේශයේදී බස් රථයක් පෙරළෙයි – රියදුරු ජීවිතක්ෂයට

    January 18, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නිර්දෝෂි බව ඔප්පු කරන්න සැමියා බිරිඳට දුන් බිහිසුණු දඬුවම
    Featured

    නිර්දෝෂි බව ඔප්පු කරන්න සැමියා බිරිඳට දුන් බිහිසුණු දඬුවම

    By LFNJanuary 18, 2026No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ‘තමා නිර්දෝෂී බව ඔප්පු කර පෙන්වන්නැයි’ පවසමින් බිරිඳගේ සිරුරට භූමිතෙල් වත්කර, ඇයට ශරීරයට ගිනි තබා ගැනීමට පෙළඹූ ස්වාමිපුරුෂයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මඩකලපුව, මුණෛක්කාඩු ප්‍රදේශයේදී ඊයේ (17) පෙරවරුවේ මෙම සිද්ධිය සිදුව ඇති බව කොක්කටිචෝලෙයි පොලීසිය පවසයි.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මුණෛක්කාඩු නාගතම්බිරාන් කෝවිල පාරේ පදිංචි 36 හැවිරිදි අනුෂ්වරන් නැමති කුලී සේවකයෙකි.

    ඔහු එම ප්‍රදේශයේම පදිංචි 31 හැවිරිදි කාන්තාවක් සමඟ විවාහ වී සිටී.

    ඊයේ උදෑසන 8.30ට පමණ මොවුන් මුදල් සම්බන්ධයෙන් ආරවුලක් ඇති කරගෙන බහින්බස් වී ඇති බව වාර්තා වේ.

    පසුව සැමියා විසින් බිරිඳගේ හැසිරීම පිළිබඳව සැක සිතී “ඔබ නිර්දෝෂී බව ඔප්පු කර පෙන්වන්න” යැයි පවසා ඇයට බලකර තිබේ.

    අනතුරුව ඇගේ සිරුරුට භූමිතෙල් වත්කර, ගිනිපෙට්ටියක් ලබාදී ඇයට ගිනිතබා ගන්නැයි පොළඹවා ඇත.

    ගිනි තබා ගෙන ඇති බිරිඳ පසුව බරපතළ තුවාල ලබා මේ වනවිට මඩකලපුව ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

    පසුව සැමියා තියුණු ආයුධයකින් තමාටම හානි කරගනෙ ඇති බව වාර්තා වේ.

    කෙසේවෙතත් බිරිඳව ඝාතනය කිරීමට තැත්කිරීම සහ තමාටම තුවාල සිදුකර ගැනීම යන චෝදනා යටතේ කොක්කටිචෝලෙයි පොලීසිය විසින් අදාළ සැකකරුව අත්අඩංගුවට ගෙන අද (18) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දෛනික සෝදිසි මෙහෙයුමෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

    January 18, 2026

    හල්දුම්මුල්ල ප්‍රදේශයේදී බස් රථයක් පෙරළෙයි – රියදුරු ජීවිතක්ෂයට

    January 18, 2026

    කොළඹ – කටුනායක අධිවේගයේ හා කඩවත පිටවීමේ පිවිසුමේදී හදිසි රථවාහන පරීක්ෂාවක්

    January 18, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,577 Views
    Don't Miss

    නිර්දෝෂි බව ඔප්පු කරන්න සැමියා බිරිඳට දුන් බිහිසුණු දඬුවම

    January 18, 20260117 Views

    ‘තමා නිර්දෝෂී බව ඔප්පු කර පෙන්වන්නැයි’ පවසමින් බිරිඳගේ සිරුරට භූමිතෙල් වත්කර, ඇයට ශරීරයට ගිනි තබා…

    දෛනික සෝදිසි මෙහෙයුමෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

    January 18, 2026

    හල්දුම්මුල්ල ප්‍රදේශයේදී බස් රථයක් පෙරළෙයි – රියදුරු ජීවිතක්ෂයට

    January 18, 2026

    කොළඹ – කටුනායක අධිවේගයේ හා කඩවත පිටවීමේ පිවිසුමේදී හදිසි රථවාහන පරීක්ෂාවක්

    January 18, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.