රුපියල් හැට අට ලක්ෂ අසූ පන් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ විද්‍යුත් දුම්වැටි තොගයක් සමඟ ශ්‍රී ලාංකීක ගුවන් මගීයෙක් ඊයේ (17) කටුනායක ගුවන් තොටුපොළදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, පානදුර ප්‍රදේශයේ පදිංචි 23 හැවිදිරි අයෙකි.
සැකකරු ඊයේ (17) පස්වරු 05.00ට පමණ ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. – 654 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇත.
එහිදී ඔහු විසින් ගමන් මලු 03ක් තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 44,400ක් අඩංගු දුම්වැටි කාටූන් 222ක් සහ විද්‍යුත් දුම්වැටි 15ක් ද සගවා ගෙන සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොහු සිය භාරයේ තබාගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.
