Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදේශීය දුම්වැටි සහ බීඩි තොගයක් සමග අයෙකු කටුනායකදී කොටු
    Featured

    විදේශීය දුම්වැටි සහ බීඩි තොගයක් සමග අයෙකු කටුනායකදී කොටු

    By LFNJanuary 17, 2026No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි සහ බීඩි තොගයක් සමග සැකකරුවෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    එහිදී පොලිස් භාරයට ගත් එම දුම්වැටි සහ බීඩි තොගයේ වටිනාකම රුපියල් විසි ලක්ෂ තිස් අට දහසකට අධික බව ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පවසයි.

    අදාළ සැකකරු අද (17) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් පුද්ගලයා මතුගම, වලල්ලාවිට ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි මෝටර් කාර්මිකයෙකු බව පොලීසිය සඳහන් කරයි.

    ඔහු අද අලුයම 12.40ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

    සැකකරු විසින් රැගෙන ආ ගමන් මලු හතරක් තුළ සෙල්ලම් බඩු, සාරි, කමිස ඇතුළු භාණ්ඩ අතර සඟවා ගෙන විදේශීය නිෂ්පාදිත දුම්වැටි 12,000ක් අඩංගු දුම්වැටි කාටූන් 60ක් සහ ඉන්දියාවේ නිෂ්පාදිත බීඩි 23,800ක් අඩංගු බීඩි බණ්ඩල් 19ක් රැගෙන ආ බව පරීක්ෂාවලදී අනාවරණය වී ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරු එළැඹෙන 21 වැනිදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,478 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,428 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202606 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.