පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළඳුන් තිදෙනෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ලක්ෂ තුනක දඩ මුදලක් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පැවරූ නඩු සඳහා ඔවුන් වරද පිළිගැනීමෙන් අනතුරුවය.
ජා-ඇල සහ කඳාන ප්‍රදේශයේ වෙළඳුන් විසින් සහල් රුපියල් 308, 275 සහ රුපියල් 280කට අලෙවි කිරීමට කටයුතු කර තිබූ බව එම අධිකාරිය සඳහන් කරයි.
