2026 වසර සඳහා හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව 93 වැනි ස්ථානයට පත්ව තිබේ.
සිංගප්පූරුව අඛණ්ඩව තුන්වැනි වසරටත් පළමු ස්ථානයේ සිටින අතර, සිංගප්පූරු විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට පූර්ව වීසා බලපත්‍රයක් ලබා නොගෙන රටවල් 192කට ප්‍රවේශය භුක්ති විඳිය හැකිය.
ජපානය සහ දකුණු කොරියාව දෙවැනි ස්ථානයට පත්ව ඇති අතර, ඩෙන්මාර්කය සහ ලක්සම්බර්ග් පිළිවෙලින් රටවල් 188ක් සහ 186ක් සඳහා ප්‍රවේශය ලබා ගනිමින් තුන්වැනි ස්ථානයේ සිටී.
මේ අතර, ඇෆ්ගනිස්ථානය 101 වැනි ස්ථානයේ අවසන් ස්ථානයට පත්ව ඇත්තේ රටවල් 24කට පමණක් ප්‍රවේශය ඇති බැවිනි.
හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයට අනුව, පසුගිය වසරේ ශ්‍රී ලංකාව රටවල් 44කට ප්‍රවේශය ලබා ගනිමින් 96 වැනි ස්ථානයට පත්ව ඇති අතර, මෙම වසරේ එම රටවල් ගණන 39ක් වී තිබේ.
මෙම දර්ශකයේ ශ්‍රී ලංකාවට පහළින් සිටින්නේ රටවල් 11ක් පමණි.
ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය තවමත් සෙසු සාර්ක් රටවල් වන නේපාලය, බංග්ලාදේශය සහ පාකිස්ථානයට වඩා ඉහළින් සිටී.
හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකය ලෝකයේ සියලුම විදේශ ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කරන්නේ ඒවායේ හිමිකරුවන්ට පූර්ව වීසා බලපත්‍රයක් නොමැතිව ප්‍රවේශ විය හැකි ගමනාන්ත ගණන අනුවය.
