Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි

    April 18, 2026

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දෙමස්සිනාලාගේ විරසකය මරණයෙන් කෙළවර වෙයි
    Featured

    දෙමස්සිනාලාගේ විරසකය මරණයෙන් කෙළවර වෙයි

    By LFNJanuary 15, 2026No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පොල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව නාවලපිටිය පොලීසිය පැවසීය.

    එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, නාවලපිටිය පොලිස් වසමට අයත් ගොන්දෙන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි පුද්ගලයෙකි.

    බිරිඳගෙන් සහ දරුවන්ගෙන් වෙන්වී තනිවම ජීවත් වී ඇති ඝාතනයට ලක් වූ පුද්ගලයා ඊයේ (14) රාත්‍රියේ නිවසේ සිටියදී ඒ අසළම පදිංචි පොලිස් විශේෂ කාර්ය බළකායේ සේවයේ නියතුව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු සමඟ බහින්බස්වීමක් සිදුව තිබේ.

    එය දුරදිග යෑමෙන් පසු පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් කොස්තාපල්වරයා විසින් මියගිය පුද්ගලයාගේ හිසට පහර දී ඝාතනය කර ඇත.

    ඝාතනය සිදුකළ පුද්ගලයාගේ සහෝදරිය මියගිය පුද්ගලයාගේ බිරිඳ වන අතර, ඇයට වෙනත් අයෙකු විවාහ කරගැනීමට සැකකරු උදව් කිරීම හේතුවෙන් මෙම බහින්බස්වීම ඇතිව තිබේ.

    සැකකරු ඊයේ (14) රාත්‍රි 9ට පමණ තම නිවස බදු දී ඇති පුද්ගලයාගෙන් කුලී මුදල ලබාගැනීමට ඔහු පදිංචිව සිටි නිවසට පැමිණි අවස්ථාවේ ඝාතනයට ලක් වූ පුද්ගලයා සැකකරුව දැක බහින්බස්වී ඇත.

    පසුව මියගිය පුද්ගලයා තියුණු ආයුධයකින් පහරදීමට යෑමට උත්සාහ කිරීමේදී එය වැළැක්වීමට පොල්ලකින් පහරදුන් බව සැකකරු පොලීසියට පාපොච්චාරණය කර තිබේ.

    සැකකරු පොලිස් විශේෂ කාර්ය බළකායේ කොළඹ කඳවුරක සේවය කරන පොලිස් නිලධාරියෙකු බව අනාවරණය වුණි.

    ඝාතනය සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි

    April 18, 2026

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,387 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි

    April 18, 2026010 Views

    මාදුරුඔය යුධ හමුදා පුහුණු පාසලේ පැරණි ගොඩනැගිල්ලක බිත්තියක් කඩාවැටී ඊයේ (17) දහවල් සිදුවූ අනතුරකින් යුද…

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026

    තලපති විජේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි – ලංකාව ගැනත් කියයි

    April 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.