Close Menu
Lanka Focus News
    What's Hot

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අඛණ්ඩ දීප ව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට GMOA සූදානම් වෙයි
    Featured

    අඛණ්ඩ දීප ව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට GMOA සූදානම් වෙයි

    By LFNJanuary 15, 2026No Comments2 Mins Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නිදහස් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ලබා දුන් එකඟතා ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වන්නේ නම් අඛණ්ඩව දීපව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

    එම සංගමය පැවසුවේ පසුගිය නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද 2026 වර්ෂය සඳහා වන අයවැය යෝජනාවලිය තුළ මෙරට සෞඛ්‍ය සේවයේ සහ වෛද්‍යවරුන්ගේ සැබෑ ගැටලුු හඳුනාගනිමින් ඒවාට විසඳුම් ලබා දීම සඳහා අවශ්‍ය කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ප්‍රතිපත්ති හෝ ක්‍රියාමාර්ග කිසිවක් අන්තර්ගත නොවීම තුළ සෞඛ්‍ය පද්ධතිය සහ සෞඛ්‍ය සේවකයින් තුළ බරපතළ නොසන්සුන්තාවයක් හටගත් බවය.

    ඒ අනුව සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ සැබෑ ගැටලු සඳහා විසඳුම් ලබා දීමට බල කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තිය ක්‍රියාමාර්ග ගණනාවක් දියත් කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ලබා දුන් ලිඛිත එකඟතාවයන් මත එම වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බවත් එම සංගමය සඳහන් කළේය.

    ඒ අනුව පසුගිය (13) දින පැවැති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභා රැස්වීමේදී දීර්ඝ ලෙස පවතින ප්‍රවණතාවයන් සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්වූ බවත් පෙන්වා දෙන එම සංගමය පැවසුවේ එකඟතා ක්‍රියාත්මක කරමින් ගැටලු විසඳීම සඳහා ඉදිරි දින 10ක කාලයක් සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දීමට තීරණය කළ බවත්ය.

    ඒ අනුව එම කාල රාමුව තුළදී ගැටළු විසඳීමට අමාත්‍යාංශය අපොහොසත් වන්නේ නම් එළැඹෙන 23 වැනි දින සිට දීපව්‍යාප්ත අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට විධායක කමිටුව ඒකමතිකව තීරණය කළ බවත් එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,478 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,428 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 202606 Views

    ඊයේ (13) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු මාරක රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට…

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.