Close Menu
Lanka Focus News
    What's Hot

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»2025 වසරේ චීන ආනයන අපනයන වටිනාකම වාර්තා පොත් අලුත් කරයි
    Featured

    2025 වසරේ චීන ආනයන අපනයන වටිනාකම වාර්තා පොත් අලුත් කරයි

    By LFNJanuary 14, 2026No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගෙවී ගිය වසරේ චීනයේ භාණ්ඩ වෙළඳාම සඳහා වූ අපනයන හා ආනයන වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 45.47ක් බව වාර්තා වේ.

    මෙය 2024 වසරේ පැවති අගයට වඩා 3.8%ක වර්ධනයක් පෙන්නුම් කිරීමක් බව චීන රේගු පරිපාලනය අද (14) එහි නවතම දත්ත නිකුත් කරමින් නිවේදනය කළේය.

    එමෙන්ම 2017 වසරේ සිට වසර 9ක් දක්වා අඛණ්ඩව එම වටිනාකමෙහි වැඩිවීමක් පෙන්නුම් කර තිබීම ද සුවිශේෂී කැපී පෙනෙන්නක් බවත් සඳහන් වේ.

    2025 වසරේ චීනයේ අපනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 26.99ක් වූ අතර, 2024 වසරේ පැවති අගය හා සැසඳීමේ දී එය 6.1%ක වර්ධනයක් පෙන්නුම් කිරීමකි.

    ආනයන වටිනාකම ද යුවාන් ට්‍රිලියන 18.48ක් වූ අතර, එය ද නව වාර්තාවක් බව චීන රේගු පරිපාලන බලධාරීන් පවසයි.

    චීනයේ ’14 වන පස් අවුරුදු’ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක සමය (2021-2025) තුළ, අපනයන හා ආනයනයන්හි සමස්ත වටිනාකම යුවාන් ට්‍රිලියන 200 ඉක්මවූ අතර, එය වාර්ෂිකව 7.1%කින් වර්ධනය වී තිබීම තවත් විශේෂත්වයකි.

    එමෙන්ම, 2025 වසර වන විට, ගෝලීය වශයෙන් චීනය සමග වෙළඳ සබඳතා පැවැත්වූ රටවල් හා කලාප සංඛ්‍යාව 249ක් බවත් චීන රේගු පරිපාලනය පවසා ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,478 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,428 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    අදත් හවසට තද වැසි

    October 15, 202600 Views

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප. ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.…

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.