ගෙවී ගිය වසරේ චීනයේ භාණ්ඩ වෙළඳාම සඳහා වූ අපනයන හා ආනයන වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 45.47ක් බව වාර්තා වේ.
මෙය 2024 වසරේ පැවති අගයට වඩා 3.8%ක වර්ධනයක් පෙන්නුම් කිරීමක් බව චීන රේගු පරිපාලනය අද (14) එහි නවතම දත්ත නිකුත් කරමින් නිවේදනය කළේය.
එමෙන්ම 2017 වසරේ සිට වසර 9ක් දක්වා අඛණ්ඩව එම වටිනාකමෙහි වැඩිවීමක් පෙන්නුම් කර තිබීම ද සුවිශේෂී කැපී පෙනෙන්නක් බවත් සඳහන් වේ.
2025 වසරේ චීනයේ අපනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 26.99ක් වූ අතර, 2024 වසරේ පැවති අගය හා සැසඳීමේ දී එය 6.1%ක වර්ධනයක් පෙන්නුම් කිරීමකි.
ආනයන වටිනාකම ද යුවාන් ට්‍රිලියන 18.48ක් වූ අතර, එය ද නව වාර්තාවක් බව චීන රේගු පරිපාලන බලධාරීන් පවසයි.
චීනයේ ’14 වන පස් අවුරුදු’ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක සමය (2021-2025) තුළ, අපනයන හා ආනයනයන්හි සමස්ත වටිනාකම යුවාන් ට්‍රිලියන 200 ඉක්මවූ අතර, එය වාර්ෂිකව 7.1%කින් වර්ධනය වී තිබීම තවත් විශේෂත්වයකි.
එමෙන්ම, 2025 වසර වන විට, ගෝලීය වශයෙන් චීනය සමග වෙළඳ සබඳතා පැවැත්වූ රටවල් හා කලාප සංඛ්‍යාව 249ක් බවත් චීන රේගු පරිපාලනය පවසා ඇත.
