Close Menu
Lanka Focus News
    What's Hot

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කඩිනම් කැබිනට් සංශෝධනයක් සිදුකරන ලෙස ඇල්ලේ ගුණවංශ හිමිගෙන් ජනපතිට සංදේශයක්
    Featured

    කඩිනම් කැබිනට් සංශෝධනයක් සිදුකරන ලෙස ඇල්ලේ ගුණවංශ හිමිගෙන් ජනපතිට සංදේශයක්

    By LFNJanuary 12, 2026No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත් කර කැබිනට් සංශෝධනයක් සිදු කරන ලෙස දේශය සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි ජනාධිපතිවරයා වෙත සංදේශයක් යොමුකරමින් ඉල්ලීමක් කර ඇත.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සංදේශයක් යොමු කරමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ අග්‍රාමාත්‍යවරියගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත අත්තනෝමතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් තහවුරු වන්නේ ආණ්ඩුව යටතේ ද රටත්, ජනතාවත්, බුද්ධ ශාසනයත් බරපතළ අන්තරායක තත්ත්වයකට මුහුණ දී ඇති බවය.

    මේ ආකාර දුර්වල හා ජනතාව, රට පිළිබඳ තැකීමක් නොමැති ආණ්ඩුවක සෘජු හානිය සිදුවන්නේ රටට හා ජනතාවට බවද උන්වහන්සේ සංදේශය තුළින් පෙන්වා දී ඇත.

    උන්වහන්සේ වැඩිදුරටත් පවසන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා භික්‍ෂුන්ගෙන්, අන්‍යාගමික පුජකයින්ගෙන්, ගුරුවරුන්ගෙන් සහ අධ්‍යාපන විශේෂඥයින්ගෙන් අදහස් ලබාගෙන නොමැති බැවින් එය විනිවිදභාවයෙන් තොර බව‍ය.

    එබැවින් ප්‍රතිසංස්කරණ ගෙන ආ ක්‍රමවේදය මුල සිටම වැරදි සහගත බවත්, එහි වලංගුතාවයක් නොමැති බවත් අදාළ සංදේශයේ සඳහන් වේ.

    භික්ෂුවකගේ ඓතිහාසික යුතුකම ඉටු කරමින් එකී අනතුරින් රටත්, ජනතාවත්, බුද්ධ ශාසනයත් බේරා ගැනීමට රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කඩිනමින් කටයුතු කරනු ඇති බවට අපේක්ෂා කරන බවද පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි යොමු කර ඇති සංදේශයේ වැඩිදුරටත් සදහන් කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,478 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,428 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    අදත් හවසට තද වැසි

    October 15, 202600 Views

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප. ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.…

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.