Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි

    April 18, 2026

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආපදාවෙන් හානි වූ අලිවැටවල් සතියක් තුළ ප්‍රතිස්ථාපනය කරන්නැයි උපදෙස්
    Featured

    ආපදාවෙන් හානි වූ අලිවැටවල් සතියක් තුළ ප්‍රතිස්ථාපනය කරන්නැයි උපදෙස්

    By LFNJanuary 11, 2026No Comments1 Min Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිට්වා සුළි කුණාටුවෙන් පසු හානි වූ සහ ප්‍රතිස්ථාපනය ආරම්භ කෙරෙනු අලි වැටවල්වල ප්‍රතිස්ථාපන කටයුතුවල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පවත්වා තිබේ.

    සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් අලිවැටවල් විශාල ප්‍රමාණයක් හානි වූ අතර වැඩි වශයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල වනජීවි කලාපයේ අලි වැටවල පූර්ණ හා අර්ධ හානි සිදුව තිබුණි.

    එමෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හතකම අලි වැට හානියට පත්ව ඇත.

    අලිවැට නඩත්තු කටයුතු සිදු කිරීම ශ්‍රම මෙහෙයුමක් ලෙස ඒකාබද්ධ යාන්ත්‍රණයක් ඔස්සේ කටයුතු සිදු කිරීමට මෙම ප්‍රගති සමාලෝචන සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු ව තිබේ.

    ඒ අනුව මෙම සාමුහික ක්‍රියාදාමය සතියක් තුළ නිම කිරීමට පරිසර අමාත්‍යවරයා විසින් අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.

    පරිසර අමාත්‍යාංශයේ උපදෙස් පරිදි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයෙන් අලිවැට නඩත්තු සහයකයින්, සිවිල් ආරක්ෂක නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම කටයුතු සිදු කෙරෙනු ඇති අතර එමෙන්ම මෙම ප්‍රගති සමාලෝචන සාකච්ඡාවේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාමීය කමිටු සහ ගොවි සංවිධාන එක්ව අලිවැට නඩත්තු කටයුතු සඳහා සහය දීමට එකඟ විය.

    ඒ අනුව අලි වැට නඩත්තු කටයුතු මෙම සතිය තුළ ශ්‍රම මෙහෙයුමක් ලෙස කඩිනමින් සිදු කිරීමට අපේක්ෂිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි

    April 18, 2026

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,433 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,385 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    බිත්තියක් කඩා වැටී යුද හමුදා සෙබළෙකුට දිවි අහිමි වෙයි

    April 18, 202606 Views

    මාදුරුඔය යුධ හමුදා පුහුණු පාසලේ පැරණි ගොඩනැගිල්ලක බිත්තියක් කඩාවැටී ඊයේ (17) දහවල් සිදුවූ අනතුරකින් යුද…

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026

    තලපති විජේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි – ලංකාව ගැනත් කියයි

    April 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.