පෙරියමුල්ල, ඒත්තුකාල දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී සැකකටයුතු ජීප් රථයක් පරීක්ෂා කිරීමේදී එහි ගමන් ගත් පුද්ගලයා මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (09) අලුයම් කාලයේ අපරාධ නිවාරණ රාජකාරි යෙදී සිටි මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම ජීප් රථය පරීක්ෂා කර තිබූ අතර එහිදී සැකකරු සන්තකයේ තිබී ගංජා ග්‍රෑම් 10ක්, කොකේන් ග්‍රෑම් 01ක්, මත් කරල් 100 සොයාගෙන තිබුණි.
සැකකරු වයස අවුරුදු 32ක් වන මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු සම්බන්ධව සිදුකළ වැඩිදුර විමර්ශනයේදී ඔහු නවාතැන්ගෙන සිටි ලැගුම්හලේ කාමරයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 29යි මිලිග්‍රෑම් 240ක් සහ හඳුනා නොගත් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 230ක් සොයාගෙන ඇත.
පසුව සැකකරුට අයත් ඔසු හලක් පරීක්ෂා කිරීමේදී මත් කරල් 1000ක් සොයාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.
