Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026

    තලපති විජේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි – ලංකාව ගැනත් කියයි

    April 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»2024 වසරට සාපේක්ෂව 2025 වසරේ දී රිය අනතුරුවල වර්ධනයක්
    Featured

    2024 වසරට සාපේක්ෂව 2025 වසරේ දී රිය අනතුරුවල වර්ධනයක්

    By LFNJanuary 8, 2026No Comments3 Mins Read111 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2024 වසරට සාපේක්ෂව 2025 වසරේ දී මාර්ගවල සිදුවන රිය අනතුරුවල වර්ධනයක් දක්නට ලැබෙන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

    සිදුව ඇති මාර්ග අනතුරු විශ්ලේෂණය කළ විට ප්‍රධාන වශයෙන් අනතුරට ලකව ඇත්තේ පදිකයන් සහ යතුරුපැදිකරුවන් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    මෙම අනතුරු වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට මුදල් වෙන්කර ඇති බවත් ඒ සඳහා අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

    එමෙන්ම දුම්රිය අනතුරු සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ ඒ සඳහා ද අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බවයි.

    “2024 දී මාර්ග රිය අනතුරු 2,403ක් වාර්තා වෙලා තියෙනවා. 2025 දී මාර්ග රිය අනතුරු 2,583 සිදුවෙලා. ඒ කියන්නේ 180කින් වැඩි වෙලා. බරපතල ලෙස හානි වෙන අනතුරු 7,158ක් වාර්තා වෙනවා 2024 දී. 2025 දී 5,270 දක්වා අඩුකර ගැනීමට හැකි වෙනවා 1,881කින්. ඒ වගේම සුළු තුවාල ලැබූ පිරිස මේ මාර්ග අනතුරු නිසා 9,996ක් 2024 වසරේදී වාර්තා වෙනවා. 2025 වසරේදී ඒක තව 71කින් වැඩි වෙලා 1067ක් බවට පත් වෙනවා. ඒ වගේම අලාභ හානි ගත්තොත් 5,743ක් වාර්තා වෙනවා 2024 අවුරුද්දේ. 2025 වසරේදී ඒක තරමක් අඩු වෙනවා 1516කින් 4227 විදියට. මේ විදියට ගත්තාම 2024 අවුරුද්දේ සම්පූර්ණ මාර්ග අනතුරු නිසා වෙන මාර්ග අනතුරු බරපතල හානි සුලු සහ අලාභ හානිත් එක්ක එකතුව ගත්තාම 25,299ක් බවට පත් වෙනවා. 2025 අවුරුද්දේ තරමක් අඩුවෙනවා ඒක 22,153ක් විදියට. මේක සාධනීය තත්ත්වයක් ලෙස බලන්න විදියක් නෑ. මොකද මාර්ග රිය අනතුරු ප්‍රමාණය වැඩි වෙලා තියෙන නිස‍ා.

    ඒ වගේම මාර්ග අනතුරු වලට මුල් වන රථවාහන මොනවාද කියන එක ගැන අපි පොඩි සොයා බැලීමක් සිදු කල විට වැඩියෙන්ම අනතුරට ලක් වෙලා තියෙන්නේ පදිකයින්. 2024 වසරේ 815ක්. යතුරුපැදි 781ක්. මේ දෙක තමා රිය අනතුරු වලට හේතු වෙලා තියෙන්නේ. 2025 වසරේත් වැඩි වෙනසක් වෙන්නේ නෑ. පදිකයින් 72ක් වෙනකොට යතුරුපැදි 713ක් බවට සඳහන් වෙනවා.

    මේ අනුව මේ සැලසුම් සකස් කරනකොට වැඩි අවධානයක් යොද වන්න වෙනවා පදිකයන් සහ යතුරුපැදිකරුවන් කෙරෙහි.

    ඒ වගේම දුම්රිය වල ගැටිලා අනතුරු වෙලා තියෙනවා 2021 අවුරුද්දේ මිනිස්සු 208ක් මිය යනවා. මේක සියදිවි නසා ගැනීමද දුම්රියේ ගැටීම්ද කියලා වෙන් කරලා නෑ. 2022 අවුරුද්දේ 414ක් වෙනවා. 2023 වසරේ 402ක් වෙනවා. 2024 වසරේ 407ක් වෙනවා. 2025 වසරේ 374ක් වෙනවා.

    එතනත් වැඩි ප්‍රමාණයක් දුම්රියේ ගැටී ජීවිත නැති වෙනවා.

    ඒ වගේම දුම්රියේ ගැනීම නිසා වාහනවලට සිදුවන අනතුරු ගත්තාම 2021 වසරේ 61ක් , 2022 වසරේ 78ක්, 2023 වසරේ 74ක් , 2024 වසරේ 66ක්, 2025 වසරේ 75ක් වගේ සඳහන් වෙනවා.

    වන අලි දුම්රියේ ගැටීම නිසා 2024 වසරේ 08 දෙනෙකු මිය යනවා තුවාල ලබනවා 10 දෙනෙක්. එකතුව 18ක් වෙනවා. 2025 වසරේ දී 14ක් මිය යනවා, 8 දෙනෙක් තුවාල ලබනවා.

    අපි මේ අනතුරු වළක්වා ගන්න අමාත්‍යාංශය ක් ලෙස මැදිහත් වෙනවා. මේ සඳහා මේ වසරේදී අපි මුදල් වෙන් කරනවා. “

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026

    තලපති විජේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි – ලංකාව ගැනත් කියයි

    April 17, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,433 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,385 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 202601 Views

    ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම විසින් ඉදිරියේ පවත්වනු ලබන අපක්ෂපාතී…

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026

    තලපති විජේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි – ලංකාව ගැනත් කියයි

    April 17, 2026

    මෝටර් රියක් අඩි 300ක් පහළට වැටෙයි – අයෙක් මරුට

    April 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.