Close Menu
Lanka Focus News
    What's Hot

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර යුරෝ මිලියන 8ක ප්‍රදාන ගිවිසුමක්
    Featured

    ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර යුරෝ මිලියන 8ක ප්‍රදාන ගිවිසුමක්

    By LFNJanuary 7, 2026No Comments2 Mins Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා රජය සහ යුරෝපා සංගමයඅතර යුරෝ මිලියන 8ක ප්‍රදාන ගිවිසුමක් අත්සන් කර තිබේ.

    “කෘෂි හරිත මුලපිරීම – තිරසාර කෘෂිකර්ම පිළිවෙත් තුළින් හරිත ආර්ථික වර්ධනය” යන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මෙම ගිවිසුම අත්සන් කළ බව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය සහ යුරෝපා සංගමය එක්ව මෙම ව්‍යාපෘතිය සකස් කර ඇත.

    එය ව්‍යාපෘතිය සඳහා සම්පූර්ණයෙන්ම යුරෝපා සංගමය විසින් සපයන යුරෝ මිලියන 8ක ප්‍රදානය මඟින් මූල්‍යනය කෙරේ.

    මෙම ව්‍යාපෘතිය මගින් තිරසාර පරිභෝජන හා නිෂ්පාදන පිළිවෙත් ප්‍රවර්ධනය කිරීමත්, ආහාර සුරක්ෂිතතාව සහතික කරන හරිත ආර්ථික වර්ධනයක් කරා ශ්‍රී ලංකාව පරිවර්තනය වීමට සහාය වීමත් අරමුණු කර ගෙන ඇත.

    එසේම, තරුණයින් සහ කාන්තාවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, රබර් අංශයේ තෝරාගත් නිෂ්පාදන දාමයන් තුළ වඩාත් තිරසාර සහ පාරිසරික වශයෙන් හිතකාමී කෘෂිකාර්මික පිළිවෙත් වෙත මාරුවීමක් උත්ප්‍රේරණය කිරීමද ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණකි.

    මෙම ප්‍රදාන ගිවිසුම ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ යුරෝපා සංගමය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ සහයෝගීතා ප්‍රධානී ආචාර්ය Johann H. Hesse මහතා විසින් නිල වශයෙන් හුවමාරු කර ගනු ලැබීය.

    මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන වටිනා සහයෝගයට අවංක කෘතඥතාව පළ කළ අතර, මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රයට මෙන්ම වෙළෙඳපොළ කේන්ද්‍ර කරගත් අගය එකතු කිරීම සහ වැඩිදියුණු කළ ඒකාබද්ධතාවය මඟින් අපනයන වෙළඳපොළ සංවර්ධනය කිරීමේ ජාතික ප්‍රයත්නයට මැනවින් සමපාත වන බවද අවධාරණය කළේය.

    තවද, මෙම ගිවිසුම ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර පවතින ශක්තිමත් සහ අඛණ්ඩ හවුල්කාරිත්වයට සාක්ෂියක් වන අතර, පාරිසරික තිරසාරභාවය, සමතුලිත වර්ධනය සහ දිගුකාලීන ආර්ථික ප්‍රත්‍යස්ථතාවය සවිබල ගැන්වීම සඳහා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවද ඔහු සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,478 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,428 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    අදත් හවසට තද වැසි

    October 15, 202601 Views

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප. ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.…

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.