Close Menu
Lanka Focus News
    What's Hot

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රටේ අනාගත පරපුර මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් මුදා ගැනීම සඳහා සියලුදෙනා වගකීම් ඉටු කරමු – ජනපති
    Featured

    රටේ අනාගත පරපුර මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් මුදා ගැනීම සඳහා සියලුදෙනා වගකීම් ඉටු කරමු – ජනපති

    By LFNJanuary 7, 2026No Comments2 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රටේ භෞතික සංවර්ධනය මෙන්ම සමාජයේ යහ-පැවැත්ම සහ ස්ථාවරභාවයද ඉතා වැදගත් බවත්, ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති විෂමත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කරමින් රටේ අනාගත පරපුර මෙම ව්‍යසනයෙන් මුදා ගැනීම සඳහා සියලුදෙනා වගකීම් ඉටු කළ යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ විෂ මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීම සඳහා ගොඩනඟන ලද “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේ තෙවන සැසිය ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවට එක් වෙමිනි.

    දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාළ කිරීම, වැටලීම් පුළුල් කිරීම, ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය, මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම අරමුණු කරගත් නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ මත්ද්‍රව්‍යවලට එරෙහිව ප්‍රජාව සවිබල ගැන්වීම යන බහුවිධ ප්‍රවේශ මගින් රට තුළ ව්‍යාප්තව පවතින මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම ඉලක්ක කර ගනිමින් “විෂ මතින් තොර රටක් – සතුට පිරි හෙටක්” තේමාව යටතේ “ඉවත් වෙනු – රටම එකට” ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ බෙදා හරින්නන්ට එරෙහිව දැවැන්ත සමාජ බලපෑමක් සහ පීඩනයක් ගොඩනැගීමටත්, විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් පුනරුත්ථාපනය සඳහාත් රජය, ආරක්ෂක අංශ, සිවිල් සංවිධාන සහ සියලු පුරවැසියන් ඒකාබද්ධ වූ ජාතික පෙරමුණක් ලෙස මෙය ක්‍රියාත්මක වේ.

    විෂ මත්ද්‍රව්‍යවලට අදාළව මේ වන විට සිදු කෙරෙන වැටලීම්, අත්අඩංගුවට ගැනීම් සහ පුනරුත්ථාපන ක්‍රියාවලියේ ප්‍රගතිය මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කෙරුණු අතර, ඊට කැප වී කටයුතු කරන සියලු ආයතන, නිලධාරින් සහ ජනතාවට ජනාධිපතිවරයා සිය ස්තූතිය පළ කළේය.

    2025.01.01 සිට 2026.01.05 දක්වා කාලය තුළ, හෙරොයින් 1821.174kgක්, අයිස් 3865.710kgක්, ගංජා 17189.377kgක්, කොකේන් 38.958kgක්, මත්පෙති සහ මත් කරල් 4,049,569ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව මෙහිදී අනාවරණය කෙරිණි.

    පසුගිය සාකච්ඡාවේදී තීරණය කළ පරිදි අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග කඩිනමින් විනාශ කිරීම සම්බන්ධයෙන් නව නීති සකස් කිරීමේ කටයුතුවල ප්‍රගතියද මෙහිදී කමිටුවේ අවධානයට යොමු වූ අතර, එම කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දුන්නේය.

    එමෙන්ම, දැනට අත්අඩංගුවට ගෙන තිබෙන මත්ද්‍රව්‍ය තොග විනාශ කිරීමේ ප්‍රගතිය පිළිබදවද මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරිණි.

    මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගේ සමාජයීය තොරතුරු හඳුනා ගැනීමේ අවශ්‍යතාව සහ ඊට අදාළ දත්ත එක්රැස් කිරීම වෙනුවෙන් සමීක්ෂණයක් සිදු කිරීම පිළිබඳවද සාකච්ඡා විය.

    මෙම ජාතික වැඩසටහන පුළුල්ව ඉදිරියට ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අධ්‍යාපන ආයතන, රාජ්‍ය ආයතන, ස්වේච්ඡා සංවිධාන සහ කලා සංවිධාන ඇතුළු සියලු පාර්ශ්ව ඒකාබද්ධ කර ගත් ශක්තිමත් යාන්ත්‍රණයක් සකස් කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

    එමෙන්ම, ගම සහ ආගමික සිද්ධස්ථාන අතර ඇති සබැඳියාව භාවිතයට ගනිමින් ආගමික නායකයන්ගේ දායකත්වය ඇතිව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,478 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,428 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    අදත් හවසට තද වැසි

    October 15, 202601 Views

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප. ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.…

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.