මතභේදාත්මක සිදුවීම් රැසක් වාර්තාවූ වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා තෝරාපත් කරගැනීමේ කටයුතු දෙවන වරටත් කල් දැමීමට සිදුවී තිබේ.
සභාවේ ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් මෙලෙස නව සභාපතිවරයා තෝරාපත් කරගැනීමේ කටයුතු දෙවන වරටත් කල් දැමීමට සිදුවී ඇත.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයේ කටයුතු කළ සමගි ජන බලවේගය පක්ෂයේ ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතනය හේතුවෙන් එම ප්‍රාදේශීය සභාවේ පුරප්පාඩුවී පැවතුණි.
නව සභාපතිවරයෙකු තෝරාපත් කරගැනීම පසුගිය නොවැම්බර් මස 28 වනදා දකුණු පළාත් සභාවේ පළාත් පාලන කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතව තිබුණ ද ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් එම කටයුතු අද දිනය දක්වා කල් දමා තිබුණි.
ඒ අනුව සභිකයින් 45 දෙනෙකුගෙන් සමන්විත වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාපත් කරගැනීමේ කටයුතු අද (26) පෙරවරු 10:00ට ආරම්භ කිරීමට නියමිතව තිබු බව සඳහන් ය.
කෙසේවෙතත් අද දිනයේ සභිකයින් 22 දෙනෙකු පමණක් සභාවට පැමිණ තිබීම හේතුවෙන් ඝන පූර්ණය නොමැතිවීම හේතුවෙන් සභාපතිවරයා තෝරාපත් කරගැනීමේ කටයුතු යළි කල් දැමීමට පළාත් පාලන කොමසාරිස්වරිය පියවර ගෙන ඇත.
