Close Menu
Lanka Focus News
    What's Hot

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මුල්ලේරියාව ප්‍රා.ස. හිටපු උප සභාපතිවරයෙකු ඝාතන සිද්ධියේ සැකකරුවෙකු අත්අඩංගුවට
    Featured

    මුල්ලේරියාව ප්‍රා.ස. හිටපු උප සභාපතිවරයෙකු ඝාතන සිද්ධියේ සැකකරුවෙකු අත්අඩංගුවට

    By LFNDecember 26, 2025No Comments1 Min Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය පවසයි.

    මුල්ලේරියාව පොලිස් වසමේ මුල්ලේරියාව රෝහල ආසන්නයේදී 2022.08.02 වන දින මෙම ඝාතනය සිදුකර තිබුණි.

    විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඉහත අපරාධය සඳහා සැකකරුවන් පැමිණි යතුරුපැදියේ පැදිකරු ලෙස ක්‍රියා කළ සැකකරුව මෙලෙස ඊයේ (25) අත්අඩංගුවට ගෙන ඇත.

    ඒ, මාලඹේ පොලිස් වසමේ තලාහේන ප්‍රදේශයේදී ය. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 430ක් හා ව්‍යාජ විදේශ ගුවන්ගමන් බලපත්‍රයක් තිබී සොයාගෙන තිබේ.

    සැකකරු වයස අවුරුදු 32ක් වන තලාහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    සැකකරු සම්බන්ධව සිදුකළ වැඩිදුර විමර්ශනයේදී මොහුට කොළඹ මහාධිකරණයේ විභාග වන නඩු 02ක් සඳහා විවෘත වරෙන්තු නිකුත්ව ඇති බවට අනාවරණය වී ඇත. බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,478 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,428 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    අදත් හවසට තද වැසි

    October 15, 202601 Views

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප. ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.…

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.