Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හක්ගල උද්භිද උද්‍යානය යළි විවෘත කෙරේ

    December 26, 2025

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය දින 8කට පසු විවෘත කෙරේ

    December 26, 2025

    ඇතැම් ප්‍රදේශවලට අද පස්වරුවේ තද වැසි

    December 26, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මුල්ලේරියාව ප්‍රා.ස. හිටපු උප සභාපතිවරයෙකු ඝාතන සිද්ධියේ සැකකරුවෙකු අත්අඩංගුවට
    Featured

    මුල්ලේරියාව ප්‍රා.ස. හිටපු උප සභාපතිවරයෙකු ඝාතන සිද්ධියේ සැකකරුවෙකු අත්අඩංගුවට

    By LFNDecember 26, 2025No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය පවසයි.

    මුල්ලේරියාව පොලිස් වසමේ මුල්ලේරියාව රෝහල ආසන්නයේදී 2022.08.02 වන දින මෙම ඝාතනය සිදුකර තිබුණි.

    විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඉහත අපරාධය සඳහා සැකකරුවන් පැමිණි යතුරුපැදියේ පැදිකරු ලෙස ක්‍රියා කළ සැකකරුව මෙලෙස ඊයේ (25) අත්අඩංගුවට ගෙන ඇත.

    ඒ, මාලඹේ පොලිස් වසමේ තලාහේන ප්‍රදේශයේදී ය. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 430ක් හා ව්‍යාජ විදේශ ගුවන්ගමන් බලපත්‍රයක් තිබී සොයාගෙන තිබේ.

    සැකකරු වයස අවුරුදු 32ක් වන තලාහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    සැකකරු සම්බන්ධව සිදුකළ වැඩිදුර විමර්ශනයේදී මොහුට කොළඹ මහාධිකරණයේ විභාග වන නඩු 02ක් සඳහා විවෘත වරෙන්තු නිකුත්ව ඇති බවට අනාවරණය වී ඇත. බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හක්ගල උද්භිද උද්‍යානය යළි විවෘත කෙරේ

    December 26, 2025

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය දින 8කට පසු විවෘත කෙරේ

    December 26, 2025

    ඇතැම් ප්‍රදේශවලට අද පස්වරුවේ තද වැසි

    December 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,413 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    හක්ගල උද්භිද උද්‍යානය යළි විවෘත කෙරේ

    December 26, 2025019 Views

    හක්ගල ජාතික උද්භිද උද්‍යානය ඊ (25) සිට සංචාරකයන් සඳහා යළි විවෘත කර තිබේ. ඒ පරිසර…

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය දින 8කට පසු විවෘත කෙරේ

    December 26, 2025

    ඇතැම් ප්‍රදේශවලට අද පස්වරුවේ තද වැසි

    December 26, 2025

    මුල්ලේරියාව ප්‍රා.ස. හිටපු උප සභාපතිවරයෙකු ඝාතන සිද්ධියේ සැකකරුවෙකු අත්අඩංගුවට

    December 26, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.