Close Menu
Lanka Focus News
    What's Hot

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කුඩු රොෂාන් අත්අඩංගුවට
    Featured

    කුඩු රොෂාන් අත්අඩංගුවට

    By LFNDecember 24, 2025No Comments2 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුඩු රොෂාන් නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.

    මට්ටක්කුලිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

    සැකකරු සන්තකයේ තිබී මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල අවියක් සහ ඊට යොදන ජීව උණ්ඩ 3ක් ද සොයාගත් බව පොලීසිය පැවැසුවේය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

    මේ අතර අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබාදුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ කොටඨාසය මඟින් කොල්ලුපිටිය ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

    පසුගිය සඳුදා පෙරවරුවේ අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයකට ඇතුළු වු නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු එහි කළමනාකරු වෙඩි තබා ඝාතනය කර පලාගොස් තිබුණි.

    ඔවුන් පැමිණි යතුරුපැදිය අම්බලන්ගොඩ කුරුදුවත්ත ආඳාදොළ මාර්ගයේ දමා ගොස් තිබියදී පසුව සොයාගෙන තිබු බව සඳහන්ය.

    වෙඩි තැබීමෙන් පසු වෙඩික්කරුවන් දෙදෙනාගෙන් අදාළ යතුරුපැදිය එම ස්ථානයට රැගෙනවිත් ඇත්තේ අත්අඩංගුවට ගත් සැකකරු බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

    සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් සොයා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකය.

    මේ අතර වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා සිය කාර්යාලය තුළ දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    එම ඝාතනයට ආධාර අනුබල ලබා දුන් බවට වන චෝදනා මත වැලිගම ප්‍රදේශයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,478 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,428 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    අදත් හවසට තද වැසි

    October 15, 202601 Views

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප. ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.…

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.