Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාරක අනතුරු කිහිපයකින් පුද්ගලයින් තිදෙනෙකු මරුට
    Featured

    මාරක අනතුරු කිහිපයකින් පුද්ගලයින් තිදෙනෙකු මරුට

    By LFNDecember 24, 2025No Comments2 Mins Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් තිදෙනෙකු මරණයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

    කොටවිල පොලිස් වසමේ බණ්ඩරමුල්ල ප්‍රදේශයේදී ඊයේ (23) මාතර සිට වැලිගම දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් එම දිශාවටම ඉදිරියෙන් ධාවනය වූ කාර් රථයක් පසුකර යාමේදී එම කාර් රථයේ ගැටී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක හා කාර් රථයකද ගැටී අනතුරක් සිදුව තිබේ.

    අනතුරින් යතුරුපැදිකරු හා පසු පැදිකරු බරපතළ තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පසුපැදිකරු මියගොස් තිබේ.

    මරණකරු වයස අවුරුදු 33ක් වූ අහංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මෘත ශරීරය මාතර රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර කොටවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.‍

    මේ අතර, පලෙයි පොලිස් වසමේ ඉත්තැවිල් ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් ගත් යතුරුපැදියක් අනුරාධපුර සිට යාපනය දක්වා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියේ ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් අවුරුදු 52ක යාපනය ප්‍රදේශයේ පදිංචි යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇත.

    මෘත ශරීරය කිලිනොච්චිය රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර පලෙයි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

    ඊයේ (23) දින සවස් කාලයේ මොරගහහේන පොලිස් වසමේ තල්ගහවිල හොරණ මාර්ගයේ කොහේන හන්දිය ප්‍රදේශයේදී තල්ගහවිල දෙස සිට සව්ගස් හන්දිය දෙසට ධාවනය වූ යතුරු පැදියක් කොහේන මාර්ගයට හැරවීමට යාමේදී එම දිශාවටම පසුපසින් ධාවනය වූ තවත් යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් යතුරුපැදිකරුවන් දෙදෙනා සහ ඉදිරියෙන් ගමන් ගත් යතුරුපැදියේ පසුපැදිකාරිය තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 59 හැවිරිදි එක් පැදිකරුවෙකු මියගොස් තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202604 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.