Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කුඩු රොෂාන් අත්අඩංගුවට

    December 24, 2025

    අර්ච්චුනාට ඇප

    December 24, 2025

    ගන්දරින් මුහුදු ගිය ‘දිනුක පුතා’ ළඟ රු. කෝටි 200ක මත්ද්‍රව්‍ය

    December 24, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාරක අනතුරු කිහිපයකින් පුද්ගලයින් තිදෙනෙකු මරුට
    Featured

    මාරක අනතුරු කිහිපයකින් පුද්ගලයින් තිදෙනෙකු මරුට

    By LFNDecember 24, 2025No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් තිදෙනෙකු මරණයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

    කොටවිල පොලිස් වසමේ බණ්ඩරමුල්ල ප්‍රදේශයේදී ඊයේ (23) මාතර සිට වැලිගම දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් එම දිශාවටම ඉදිරියෙන් ධාවනය වූ කාර් රථයක් පසුකර යාමේදී එම කාර් රථයේ ගැටී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක හා කාර් රථයකද ගැටී අනතුරක් සිදුව තිබේ.

    අනතුරින් යතුරුපැදිකරු හා පසු පැදිකරු බරපතළ තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පසුපැදිකරු මියගොස් තිබේ.

    මරණකරු වයස අවුරුදු 33ක් වූ අහංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මෘත ශරීරය මාතර රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර කොටවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.‍

    මේ අතර, පලෙයි පොලිස් වසමේ ඉත්තැවිල් ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් ගත් යතුරුපැදියක් අනුරාධපුර සිට යාපනය දක්වා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියේ ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් අවුරුදු 52ක යාපනය ප්‍රදේශයේ පදිංචි යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇත.

    මෘත ශරීරය කිලිනොච්චිය රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර පලෙයි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

    ඊයේ (23) දින සවස් කාලයේ මොරගහහේන පොලිස් වසමේ තල්ගහවිල හොරණ මාර්ගයේ කොහේන හන්දිය ප්‍රදේශයේදී තල්ගහවිල දෙස සිට සව්ගස් හන්දිය දෙසට ධාවනය වූ යතුරු පැදියක් කොහේන මාර්ගයට හැරවීමට යාමේදී එම දිශාවටම පසුපසින් ධාවනය වූ තවත් යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් යතුරුපැදිකරුවන් දෙදෙනා සහ ඉදිරියෙන් ගමන් ගත් යතුරුපැදියේ පසුපැදිකාරිය තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 59 හැවිරිදි එක් පැදිකරුවෙකු මියගොස් තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කුඩු රොෂාන් අත්අඩංගුවට

    December 24, 2025

    අර්ච්චුනාට ඇප

    December 24, 2025

    ගන්දරින් මුහුදු ගිය ‘දිනුක පුතා’ ළඟ රු. කෝටි 200ක මත්ද්‍රව්‍ය

    December 24, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,412 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,364 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    කුඩු රොෂාන් අත්අඩංගුවට

    December 24, 20250120 Views

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුඩු රොෂාන් නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ. මට්ටක්කුලිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ දී…

    අර්ච්චුනාට ඇප

    December 24, 2025

    ගන්දරින් මුහුදු ගිය ‘දිනුක පුතා’ ළඟ රු. කෝටි 200ක මත්ද්‍රව්‍ය

    December 24, 2025

    රතු නිවේදන ඉවත් කළත් අවදානම පහව ගොස් නෑ -NBRO

    December 24, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.