ටී 56 ගිනිඅවියක් සහ පතොරොම් තොගයක් රාගම පොලීසිය විසින් සොයා ගෙන තිබේ.
ඊයේ (23) රාත්‍රියේ රාගම, පහළවත්ත ප්‍රදේශයේ පාලු ස්ථානයක තිබූ මෝටර් රථයක් රාගම පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේ දී එහි තිබී මෙම ගිනිඅවිය හා පතොරොම් සහිත ගැබ් දෙකක් සොයාගෙන ඇත.
මෙම අවිය හා පතොරොම් සමඟ මෝටර් රථය අදාළ ස්ථානයේ අතහැර දමා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට රාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
