Close Menu
Lanka Focus News
    What's Hot

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තැන තැන සිදුවන මාරක අනතුරු
    Featured

    තැන තැන සිදුවන මාරක අනතුරු

    By LFNDecember 22, 2025No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් එකම පවුලේ මව සහ පුතා ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    යාපනය පේදුරුතුඩුව මාර්ගයේ පුත්තූර් ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් තරුණයෙකු මිය ගොස් ඇත.

    පුත්තූර් දෙස සිට පේදුරුතුඩුව දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි තවත් යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

    අනතුරින් යතුරුපැදි දෙකෙහිම පැදිකරු හා පැදිකාරිය මෙන්ම පසුපැදිකරුවන් දෙදෙනෙකු හා එක් පැදියක ගමන් කළ වයස අවුරුදු 06ක දරුවෙකු ද තුවාල ලබා යාපනය රෝහල වෙත ඇතුළත් කිරිමේදී එක් පසුපැදිකරුවෙකු මෙසේ මියගොස් ඇත.

    මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 25ක් වූ පුත්තූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    එමෙන්ම පාදෙණිය අනුරාධපුර මාර්ගයේ කුරුන්දන්කුලම ප්‍රදේශයේදී අනුරාධපුරය දෙස සිට පාදෙණිය දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී අනතුරක් සිදුව තිබේ.

    අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරු හා එහි පිටුපස ගමන් කළ තිදෙනෙකු හා ලොරි රථයේ රියදුරු ඇතුළු පිටුපස ගමන් කළ පස් දෙනෙකු තුවාල ලබා ගල්ගමුව රෝහලට ඇතුලත් කිරීමේදී ත්‍රීරෝද රථයේ රියදුරු හා ත්‍රීරෝද රථයේ පිටුපස ගමන් කළ කාන්තාවක් මියගොස් ඇත.

    ත්‍රීරෝද රථයේ පිටුපස ගමන් කළ අනෙක් තුවාලකරුවන් දෙදෙනා වැඩිදුර ප්‍රථිකාර සඳහා අනුරාධපුර රෝහලට මාරුකර යවා තිබේ.

    මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 58ක් හා වයස අවුරුදු 29ක් වූ ගල්ගමුව ප්‍රදේශයේ එකම පවුලේ මව හා පුතා වේ.

    ගල්ගමුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

    කල්මුණ සයින්දමරුදු මාර්ගයේ දී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජිවීතක්ෂයට පත්ව තිබේ.

    කඩකර පල්ලිය දෙස සිට සයින්දමරුදු දෙසට ධාවනය වූ යතුරු පැදියක්, ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි පාපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

    අනතුරින් පාපැදිකරු, යතුරුපැදිකරු හා එහි පසුපැදිකරු තුවාල ලබා කල්මුණ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී පාපැදිකරු මියගොස් තිබේ.

    මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 72ක් වූ කල්මුණ කුඩි 01 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,478 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,428 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    අදත් හවසට තද වැසි

    October 15, 202601 Views

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප. ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.…

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.