Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉදිරි පැය 24 ගැන අලුත්ම කාලගුණ අනාවැකිය

    December 22, 2025

    මාලිමා මන්ත්‍රී ශාන්තගේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා අත්අඩංගුවට

    December 22, 2025

    තැන තැන සිදුවන මාරක අනතුරු

    December 22, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආපදාවට ලක් වූ නිවාස වෙනුවට නිවාස සංකීර්ණ ස්ථාපිත කිරීමට පියවර
    Featured

    ආපදාවට ලක් වූ නිවාස වෙනුවට නිවාස සංකීර්ණ ස්ථාපිත කිරීමට පියවර

    By LFNDecember 22, 2025No Comments1 Min Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    “දිට්වා” සුළි කුණාටුවෙන් විනාශ වූ නිවාස සඳහා නිවාස සංකීර්ණ ස්ථාපිත කරදීමට සැලසුම් සකස්කරමින් සිටින බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.

    අද (22) එම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා පැවසුවේ මේ වනවිටත් දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා ඒ සඳහා විකල්ප ඉඩම් හඳුනාගෙන ඇති බවය.

    එමෙන්ම කෙටි කාලයක් තුල ආපදාවට ලක් වූ ජනතාවගේ ජීවිත යථාවත් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    “පූර්ණ වශයෙන් හානි වූ නිවාස 6,000කට වඩා තියෙනවා. අර්ධ වශයෙන් හානි වූ නිවාස ලක්ෂයකට වඩා වාර්තා වෙලා තියෙනවා. නිවාස හානි නොවුණත් තවදුරටත් ජීවත්වීමට නොහැකි ප්‍රදේශ තිබෙනවා. අනාරක්ෂිත ප්‍රදේශ තිබෙනවා. තවදුරටත් පදිංචි කිරීමට නොහැකි. මේ කටයුතු අපි පියවරෙන් පියවර අපි කරන්න ලැස්තියි. එහිදී අපි දිස්ත්‍රික් ලේකම්තුමන්ලා හරහා විකල්ප ඉඩම් හඳුනාගෙන තිබෙනවා. ඒ බොහෝමයක් තැන්වල අපි නිවාස සංකීර්ණ ස්ථාපිත කරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. ඒ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයත් මේ කටයුත්තේ නියැලිලා ඉන්නවා අවශ්‍ය මූල්‍යම කටයුතු සම්පාදනය කරන්න. අමාත්‍යංශය ලෙස මේ නිවාස සංකීර්ණ සඳහා මූලික සැලසුම් සකස්කරමින් ඉන්නවා ඒ අදාළ නිලධාරීන් අවශ්‍ය ශිල්පීන් සමග සාකච්ඡා කරමින් ඉන්නවා. අපි බලාපොරොත්තු වෙනවා කෙටි කාලයක් තුල මේ ආපදාවෙන් හානි වෙච්ච නිවාසවල ජීවත්වෙච්ච පවුල් සහ ඔවුන්ගේ ජීවිත යථාවත් කරන ගමන්ම නැවත මෙවැනි අපදාවකට මුහුණ නොදෙන්න අධි අවධානම් කළාපවල සිටින ජනතාව වෙනත් ප්‍රදේශවල පදිංචි කරවීමට.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉදිරි පැය 24 ගැන අලුත්ම කාලගුණ අනාවැකිය

    December 22, 2025

    මාලිමා මන්ත්‍රී ශාන්තගේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා අත්අඩංගුවට

    December 22, 2025

    තැන තැන සිදුවන මාරක අනතුරු

    December 22, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,411 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,364 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    ඉදිරි පැය 24 ගැන අලුත්ම කාලගුණ අනාවැකිය

    December 22, 20250118 Views

    ඌව සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකිය.…

    මාලිමා මන්ත්‍රී ශාන්තගේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා අත්අඩංගුවට

    December 22, 2025

    තැන තැන සිදුවන මාරක අනතුරු

    December 22, 2025

    මහනුවරට හා නුවරඑළිය තවදුරටත් නායයෑමේ රතු නිවේදන

    December 22, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.