Close Menu
Lanka Focus News
    What's Hot

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආපදාවට ලක් වූ නිවාස වෙනුවට නිවාස සංකීර්ණ ස්ථාපිත කිරීමට පියවර
    Featured

    ආපදාවට ලක් වූ නිවාස වෙනුවට නිවාස සංකීර්ණ ස්ථාපිත කිරීමට පියවර

    By LFNDecember 22, 2025No Comments1 Min Read132 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    “දිට්වා” සුළි කුණාටුවෙන් විනාශ වූ නිවාස සඳහා නිවාස සංකීර්ණ ස්ථාපිත කරදීමට සැලසුම් සකස්කරමින් සිටින බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.

    අද (22) එම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා පැවසුවේ මේ වනවිටත් දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා ඒ සඳහා විකල්ප ඉඩම් හඳුනාගෙන ඇති බවය.

    එමෙන්ම කෙටි කාලයක් තුල ආපදාවට ලක් වූ ජනතාවගේ ජීවිත යථාවත් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    “පූර්ණ වශයෙන් හානි වූ නිවාස 6,000කට වඩා තියෙනවා. අර්ධ වශයෙන් හානි වූ නිවාස ලක්ෂයකට වඩා වාර්තා වෙලා තියෙනවා. නිවාස හානි නොවුණත් තවදුරටත් ජීවත්වීමට නොහැකි ප්‍රදේශ තිබෙනවා. අනාරක්ෂිත ප්‍රදේශ තිබෙනවා. තවදුරටත් පදිංචි කිරීමට නොහැකි. මේ කටයුතු අපි පියවරෙන් පියවර අපි කරන්න ලැස්තියි. එහිදී අපි දිස්ත්‍රික් ලේකම්තුමන්ලා හරහා විකල්ප ඉඩම් හඳුනාගෙන තිබෙනවා. ඒ බොහෝමයක් තැන්වල අපි නිවාස සංකීර්ණ ස්ථාපිත කරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. ඒ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයත් මේ කටයුත්තේ නියැලිලා ඉන්නවා අවශ්‍ය මූල්‍යම කටයුතු සම්පාදනය කරන්න. අමාත්‍යංශය ලෙස මේ නිවාස සංකීර්ණ සඳහා මූලික සැලසුම් සකස්කරමින් ඉන්නවා ඒ අදාළ නිලධාරීන් අවශ්‍ය ශිල්පීන් සමග සාකච්ඡා කරමින් ඉන්නවා. අපි බලාපොරොත්තු වෙනවා කෙටි කාලයක් තුල මේ ආපදාවෙන් හානි වෙච්ච නිවාසවල ජීවත්වෙච්ච පවුල් සහ ඔවුන්ගේ ජීවිත යථාවත් කරන ගමන්ම නැවත මෙවැනි අපදාවකට මුහුණ නොදෙන්න අධි අවධානම් කළාපවල සිටින ජනතාව වෙනත් ප්‍රදේශවල පදිංචි කරවීමට.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,478 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,428 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    අදත් හවසට තද වැසි

    October 15, 202601 Views

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප. ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.…

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.