Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බටහිර ඉවුරේ නව ජනාවාස 19ක් ඉදිකිරීමට ඊශ්‍රායලය සැරසෙයි
    Featured

    බටහිර ඉවුරේ නව ජනාවාස 19ක් ඉදිකිරීමට ඊශ්‍රායලය සැරසෙයි

    By LFNDecember 22, 2025No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊශ්‍රායල රජය සිය ජනාවාස පුළුල් කිරීමේ වැඩසටහන යටතේ බටහිර ඉවුරේ මේ වනවිට අල්ලාගෙන සිටින කොටසේ ජනාවාස 19ක් ඉදිකිරීමට ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

    ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් සමග එක්ව මෙම යෝජනාව රැගෙන ආ එරට අන්ත දක්ෂිණාංශිකයෙකු වන මුදල් අමාත්‍ය බෙසලෙල් ස්මොට්‍රිච් පවසන්නේ, මෙම තීරණය පලස්තීන රාජ්‍යයක් පිහිටුවීම අවහිර කිරීමක් බවය.

    කෙසේ වෙතත් බටහිර ඉවුරේ ඊශ්‍රායල ජනාවාස ඉදිකිරීම ජාත්‍යන්තර නීතිය යටතේ නීති විරෝධී ක්‍රියාවක් ලෙස සැලකේ. ඊශ්‍රායලයේ මෙම තීරණය සෞදි අරාබිය හෙළා දැක ඇත.

    එමෙන්ම එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසා ඇත්තේ, ඊශ්‍රායලය ‘නිර්දය’ ලෙස ජනාවාස ව්‍යාප්තිය ක්‍රියාත්මකකරන බවය.

    මෙම තීරණයෙන් පලස්තීන ජනතාවට ඉඩම් ලබාගැනීමේ හැකියාව සීමා කරන බවත්, ස්වෛරී පලස්තීන රාජ්‍යයක ශක්‍යතාවයට තර්ජනයක් බවත් මහලේකම්වරයා පවසයි.

    ඊශ්‍රායලය විසින් අල්ලාගෙන සිටින බටහිර ඉවුරේ නව ජනාවාස 22ක් මැයි මාසයේදී අනුමත කරන ලදී. එය දශක ගණනාවකට පසු විශාලතම ව්‍යාප්තිය වේ.

    මෙම ජනාවාස ව්‍යාපෘතියට විරෝධී කණ්ඩායම් පෙන්වා දෙන්නේ, බටහිර ඉවුරේ සහ නැගෙනහිර ජෙරුසලමේ ජනාවාස 160ක පමණ පදිංචිකරුවන් 700,000ක් පමණ ජීවත්වන බවය.

    එය අනාගත ස්වාධීන රාජ්‍යයක් සඳහා පලස්තීනුවන් සොයන භූමිය බව එම කණ්ඩායම් පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.