Close Menu
Lanka Focus News
    What's Hot

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආපදා සහන මුදල් ලබා ගැනීමේදී කල්පනාකාරීව කටයුතු කරන්න – මහ බැංකු අධිපති ඉල්ලයි
    Featured

    ආපදා සහන මුදල් ලබා ගැනීමේදී කල්පනාකාරීව කටයුතු කරන්න – මහ බැංකු අධිපති ඉල්ලයි

    By LFNDecember 21, 2025No Comments4 Mins Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආපදාවෙන් පීඩාවට පත්වූවන් හට රජයෙන් ලබා දෙන සහනාධාර මුදල් මෙන්ම බැංකු ණය ලබා ගැනීමේදී ජනතාව ඉතා කල්පනාකාරීව කටයුතු කළ යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

    මහනුවරදී ඊයේ (20) පැවැති වැඩසටහනකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා පැවසුවේ ලබා ගන්නා එම ණය මුදල් මෙන්ම සහනාධාරද කළමනාකරණය කර ගැනීම මහජනතාවගේ යුතුකමක් වන බවය.

    එහිදී අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා පැවසුවේ රජය විසින් මෙම ආපදා තත්ත්වයේදී සහනාධාර ලෙස විශාල මුදලක් ආපදාවට පත්වූවන් වෙනුවෙන් වෙන් කර ඇති බවය.

    ඒ අනුව පුරවැසියන් ලෙස එම සහනාධාර මුදල් ලබා ගැනීමේදී තමන්ට අවශ්‍ය ප්‍රමාණයෙන් ලබා ගැනීමේ වගකීමක් සියලු පාර්ශ්ව සතුව පැවතිය යුතු බවත් මේ අනුව තවත් එවැනි සහනාධාර අවැසි පාර්ශ්වයන් වෙත එම මුදල් නිසි කළමනාකරණයක් යටතේ ලබා දීමේ හැකියාව රජයට පවතින බවත් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

    එමෙන්ම ලබාගන්නා සහනාධාර මුදල් ද නිසි කළමනාකරණයක් සහිතව භාවිත කළ යුතු බවද මහ බැංකු අධිපතිවරයා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේය.

    තවද පසුගිය කාලයේදී පැවැති ආර්ථික අර්බුද හේතුවෙන් සංචාරක කර්මාන්තය බිඳ වැටීමේදී එම කර්මාන්ත සඳහා සහන ණය ක්‍රමයක් ක්‍රියාත්මක කළ බවත් එහිදී ණය ලබා ගැනීම සඳහා බලපෑමට පත් වූ සහ නොවූ දෙපාර්ශ්වයම ගත යුතු ප්‍රමාණය ඉක්මවා ණය ලබා ගත් බවත් පසුව එම ණය මුදල ගෙවා ගත නොහැකිව එම ව්‍යාපාර අර්බුයන්ට මුහුණ දුන් බවද මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය.

    ඒ අනුව ලබා දෙන සහන ණය පවා තමන්ගේ ව්‍යාපාරයට අවශ්‍ය පරිදි අවශ්‍ය ප්‍රමාණයෙන් පමණක් ලබා ගැනීමෙන් තමන් ණය අර්බුදයකට ගොදුරු නොවන බවද පෙන්වාදුන් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ රජය විසින් ජන ජීවිතය සහ ව්‍යාපාර යථා තත්ත්වයට පත් කිරීම සඳහා ලබා දෙන ණය මුදල් නිසි කළමනාකරණයක් යටතේ ලබා ගනිමින් භාවිතයට ගැනීම සියලු පාර්ශ්වවල වගකීමක් වන බවය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

    “මෙතනදි අපි තේරුම් ගන්න ඕනේ එකක් තමයි පළවෙනි කාරණය අපි දකින්නේ ඉතිහාසයේ විශේෂ අවස්ථාවලදි පාස්කු ප්‍රහාරයේදී සංචාරක ක්ෂේත්‍රයට මේ වගේම දුන්නා ලොකු මොනටෝරියම් එකක්. මෙතන නිලධාරියෙක් කිව්වා දීපු නිසා අවශ්‍ය අයයි නොවන අයයි හැමෝම මේ මොනටෝරියම් එක අරගෙන තමන්ට ගෙවන්න තියන ණය ගෙව්වේ නෑ, පොළිය ගෙව්වේ නෑ කියලා. අන්තිමට ණය ගෙවාගන්න බැරිව ඒ සංචාරක ව්‍යාපාරයේ යෙදිලා ඉන්න අය ඉතාම අමාරුවකට පත්වුණා. අපේ පළවෙනි උපදෙස තමයි සහනයක් දෙනවා කියුවාට මේක ණයක් සහ පොළියකුත් තියෙනවා. ඒ නිසා තමන්ට අවශ්‍ය ප්‍රමාණය විතරක් ගන්න. ඕනවට වඩා දෙන නිසා ගන්න එපා.

    මේ දෙන්නේ ණයක්. අපි රටක් විදිහට අපි අවුරුදු 20-30ක් තිස්සේ ඕනවට වඩා ණය අරගෙන දැන් ණය අර්බුදයකට ගිහිල්ලා අපි ලොකු ආර්ථික අර්බුදයකට පත්වෙලා. ව්‍යාපාරයක් වුණාත් මේකම තමයි සංසිද්ධිය… තමන්ගේ ව්‍යාපාරයට තමන්ට ගෙවා ගත හැකි ප්‍රමාණයට තමයි ණය ලබා ගත යුත්තේ මේ තමයි පළවෙනි කාරණය

    දෙවැනි කාරණය එහෙම අරගෙන ගෙව්වේ නැති වුණාම ඒකේ බරපැන දරන්නේ අනිත් පැත්තෙන් බැංකු තැන්පත්කරුවන් සහ මේකට සම්බන්ධවෙලා ඉන්න වෙනත් තැන්පත්කරුවන් අනිත් එක තමයි ඒකෙන් වෙන්නේ තවත් හොඳට ණයක් ගන්න අවස්ථාව තියෙන කෙනෙක්ට තමන්ගේ අවස්ථාව නැතිවෙන එක. ඒ නිසා ප්‍රධානම කාරණය ණය ගැනීමේදි පරිස්සම් වෙන්න.

    ඒ වගේම තමයි අනෙකුත් රජයෙන් දෙන සහන ඒකත් වැදගත්. මේ අවස්ථාවේදී රජය වෙතත් කිසිම අවස්ථාවක දෙනවාට වඩා ලොකු මුදලක් වෙන් කරලා තියෙනවා. දැන් රජය කියන්නේ කවුද ? රජයට මුදල් නෑ. රජය කියන්නේ ඔබ හැම ව්‍යාපාර කරලා, දුප්පත් මනුස්සයෙක් කඩයට ගිහිල්ලා බඩු අරගෙන ගෙවන වැට් එක කියලා ගෙවන බදු මුදල්. ඒ බදු මුදල් තමයි මේ නැවත බෙදා හරින්නේ.

    දෙනකොට හිතනවා මේක මට ප්‍රශ්නක් නෑ මේක නොමිලේ දෙන එකක් මම ඒක ගන්නවා කියලා. නොමිලේම දුන්නත් අපි පුරවැසියන් විදිහට වගකීමක් තියෙනවා මේක නොමිලේ දුන්නත් තවත් කවුරුන් හරි අමාරුවෙන් ගෙවපු බදු මුදල්. තමන්ට ඒක අවශ්‍ය නැත්නම් ඒක ඕනවට වැඩිය දෙන නිසා ගන්න ඕනෙත් නෑ. තමන්ට සහනය අවශ්‍ය නැත්නම් ඒක නොගත යුතුයි. මම පුද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි තමන්ට අයිති නැති දෙයක් ලබා ගත්තොත් ඒක මේ ආත්මෙදි හරි එන ආත්මෙදි හරි ගෙවන්න වෙනවා. තමන්ට අයිති නැති දෙයක් ලබා ගැනීම, අන්සතු දෙයක් ලබා ගැනීම ඒක ණයක්…. රජයකට අලුතින් මුදල් මවන්න බෑ. එක්කෝ බදු ගහන්න ඕනේ.. කිසිම තැනක මේක නොමිලේ දෙන එකක් කියලා හිතන්න එපා. ඒ ගැන කල්පනාව ඇතුව මුදල් ගන්න එක ගන්න. “

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,478 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,428 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    අදත් හවසට තද වැසි

    October 15, 202601 Views

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප. ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.…

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.