Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාරක අනතුරු කිහිපයක් – සිව්දෙනෙක් මරුට
    Featured

    මාරක අනතුරු කිහිපයක් – සිව්දෙනෙක් මරුට

    By LFNDecember 21, 2025No Comments2 Mins Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.

    ඊයේ (20) මෙම අනතුර සිදුව තිබුණේ, යාපනය, දිඹුලපතන සහ තිස්සමහාරාමය යන පොලිස් වසම්වලදීය.

    හැටන් – නුවරඑළිය මාර්ගයේ පතන හන්දිය ආසන්නයේදී ලොරි රථයක් රියදුරුට රථය පාලනය කරගත නොහැකිව ඉදිරියෙන් නවතා තිබූ බස් රථයක ගැටී ඇදී ගොස් පදිකයින් දෙදෙනෙකුගේද ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයින් දෙදෙනා කොටගල රෝහලට ඇතුළත් කිරීමේදී එක් පදිකයෙකු මියගොස් ඇති අතර අනෙක් පදිකයා වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

    එලෙස මියගොස් අත්තේ, ලිදුල හා පතන ප්‍රදේශවල පදිංචිව සිටි අවුරුදු 21 හා 60 යන වයස්වල පසුවූ පුද්ගලයින් දෙදෙනෙකි.

    අනතුරට සම්බන්ධ ලොරි රථයේ හා බස් රථයේ රියදුරන් දෙදෙනො අත්අඩංගුවට ගෙන ඇත.

    මේ අතර යාපනය, වඩුක්කෝට්ටේ මාර්ගයේ පොම්මාවලි ප්‍රදේශයේදී යතුරුපැදියක් පැදිකාරියට පාලනය කර ගැනීමට නොහැකිව ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ට්‍රැක්ටර් රථයක ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් පැදිකාරිය හා පසුපැදිකාරිය බරපතළ තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කිරීමේදී පසුපැදිකාරිය මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, වඩුක්කෝට්ටේ ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි කාන්තාවකි.

    මේ අතර තිස්සමහාරාම – දෙබරවැව මාර්ගයේ මැදවැලන ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගය හරහා ගමන්ගත් පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් පදික පුද්ගලයා බරපතළ තුවාල ලබා දෙබරවැව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, තිස්සමහාරාමය ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි පුද්ගලයෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202604 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.