Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නීති විරෝධීව දුම්වැටි තොගයක් රැගෙන පැමිණි අයෙකු කටුනායකදී අත්අඩංගුවට

    December 21, 2025

    දිය වලකට වැටී 02 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

    December 21, 2025

    ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

    December 21, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාරක අනතුරු කිහිපයක් – සිව්දෙනෙක් මරුට
    Featured

    මාරක අනතුරු කිහිපයක් – සිව්දෙනෙක් මරුට

    By LFNDecember 21, 2025No Comments2 Mins Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.

    ඊයේ (20) මෙම අනතුර සිදුව තිබුණේ, යාපනය, දිඹුලපතන සහ තිස්සමහාරාමය යන පොලිස් වසම්වලදීය.

    හැටන් – නුවරඑළිය මාර්ගයේ පතන හන්දිය ආසන්නයේදී ලොරි රථයක් රියදුරුට රථය පාලනය කරගත නොහැකිව ඉදිරියෙන් නවතා තිබූ බස් රථයක ගැටී ඇදී ගොස් පදිකයින් දෙදෙනෙකුගේද ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයින් දෙදෙනා කොටගල රෝහලට ඇතුළත් කිරීමේදී එක් පදිකයෙකු මියගොස් ඇති අතර අනෙක් පදිකයා වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

    එලෙස මියගොස් අත්තේ, ලිදුල හා පතන ප්‍රදේශවල පදිංචිව සිටි අවුරුදු 21 හා 60 යන වයස්වල පසුවූ පුද්ගලයින් දෙදෙනෙකි.

    අනතුරට සම්බන්ධ ලොරි රථයේ හා බස් රථයේ රියදුරන් දෙදෙනො අත්අඩංගුවට ගෙන ඇත.

    මේ අතර යාපනය, වඩුක්කෝට්ටේ මාර්ගයේ පොම්මාවලි ප්‍රදේශයේදී යතුරුපැදියක් පැදිකාරියට පාලනය කර ගැනීමට නොහැකිව ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ට්‍රැක්ටර් රථයක ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් පැදිකාරිය හා පසුපැදිකාරිය බරපතළ තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කිරීමේදී පසුපැදිකාරිය මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, වඩුක්කෝට්ටේ ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි කාන්තාවකි.

    මේ අතර තිස්සමහාරාම – දෙබරවැව මාර්ගයේ මැදවැලන ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගය හරහා ගමන්ගත් පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් පදික පුද්ගලයා බරපතළ තුවාල ලබා දෙබරවැව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, තිස්සමහාරාමය ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි පුද්ගලයෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නීති විරෝධීව දුම්වැටි තොගයක් රැගෙන පැමිණි අයෙකු කටුනායකදී අත්අඩංගුවට

    December 21, 2025

    දිය වලකට වැටී 02 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

    December 21, 2025

    ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

    December 21, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,411 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,364 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    නීති විරෝධීව දුම්වැටි තොගයක් රැගෙන පැමිණි අයෙකු කටුනායකදී අත්අඩංගුවට

    December 21, 20250113 Views

    විදේශීය දුම්වැටි තොගයක් නීති විරෝධීව මෙරටට රැගෙන විත් එම දුම්වැටි කටුනායක ගුවන් තොටුපොළින් පිටකරගෙන යමින්…

    දිය වලකට වැටී 02 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

    December 21, 2025

    ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

    December 21, 2025

    ආපදා සහන මුදල් ලබා ගැනීමේදී කල්පනාකාරීව කටයුතු කරන්න – මහ බැංකු අධිපති ඉල්ලයි

    December 21, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.