Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026

    තලපති විජේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි – ලංකාව ගැනත් කියයි

    April 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»උත්සව සමයේදී ආගමික ස්ථාන සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්
    Featured

    උත්සව සමයේදී ආගමික ස්ථාන සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

    By LFNDecember 20, 2025No Comments2 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉදිරියේ උත්සව සමයේදී ආගමික ස්ථාන සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට පියවර ගන්නා බව පොලීසිය පවසයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පැවසුවේ මේ සඳහා අමතර පොලිස් නිලධාරීන් රාශියක්ද රාජකාරි සඳහා යොදවන බවය.

    ඒ අනුව ඉදිරි උත්සව සමයේදී ආගමික ස්ථාන සහ විවිධ ආගමික කටයුතුවල නිරතවන මහජනතාවගේ ආරක්ෂාව සඳහා පොලීසිය කටයුතු කරන බවත් මේ සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් මෙන්ම බුද්ධි නිලධාරීන් ද යෙදවීමට පියවර ගන්නා බවද ඒ මහතා පැවසීය.

    එමෙන්ම මෙම සියලු ආරක්ෂක කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවත් සම්බන්ධ කර ගන්නා බවත් ඒ අනුව උත්සව සමය ආරක්ෂාකාරීව ක්‍රියාත්මක කර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

    එහිදී අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා,

    “සියලුම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරු සහ ස්ථානාධිපතිවරු ඒ ඒ පොලිස් බලප්‍රදේශයන් හී පිහිටා තිබෙන සියලුම ආගමික ස්ථාන නායකයින් හමුවී ඉදිරි කාලයේදී පවත්වන්නා වූ සියලුම ආගමික වැඩසටහන් ආරක්ෂාව සැලසීම සඳහා ක්‍රියාකරනු ඇති.

    මේ උත්සව සමයේදී ආගමික ස්ථානවලට යන සහ විවිධ ආගමික කටයුතුවල නිරතවන මහජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා ඔබත් මේ සඳහා අවධානයෙන් සිට යම් සැකකටයුතු පුද්ගලයෙකු සහ සැකකටයුතු කණ්ඩායමක් හෝ සැකකටයුතු යම් දේපළක් පිළබඳව යම් චකිතයක්, සැකයක් ඇති වේ නම් ළඟම සිටින පොලිස් නිලධාරියෙකුට මේ සම්බන්ධව දැනුම් දෙන්න පුළුවන්.

    මේ සියලු ආරක්ෂක කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවත් සම්බන්ධ කරගනිමින් මේ උත්සව සමය ආරක්ෂාකාරීව ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා. ඒ වගේම ඔබ ආසන්නයේ රැඳී සිටිනවා සිවිල් ඇඳුමින් සැරසී සිටින පොලිස් නිලධාරියන් රාශියක්, ඒ වගේම බුද්ධි නිලධාරීන් රාශියක් මේ උත්සව සමයේ ඔබේ ආරක්ෂාව සඳහා යොදවා සිටින අතර ශ්‍රී ලංකා පොලීසිය අමතර නිලධාරීන් බස්නාහිර පළාතේ 2,500කට වඩා අමතර පිරිසක් මේ වැඩපිළිවෙළට දායකත්වය ලබා දෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026

    තලපති විජේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි – ලංකාව ගැනත් කියයි

    April 17, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,433 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,385 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 202601 Views

    ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම විසින් ඉදිරියේ පවත්වනු ලබන අපක්ෂපාතී…

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026

    තලපති විජේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි – ලංකාව ගැනත් කියයි

    April 17, 2026

    මෝටර් රියක් අඩි 300ක් පහළට වැටෙයි – අයෙක් මරුට

    April 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.