Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026

    තලපති විජේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි – ලංකාව ගැනත් කියයි

    April 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»IMF වෙතින් ශ්‍රී ලංකාවට අ.ඩො.මි. 200ක් ලබාදීම තීරණය කෙරෙන රැස්වීම අද
    Featured

    IMF වෙතින් ශ්‍රී ලංකාවට අ.ඩො.මි. 200ක් ලබාදීම තීරණය කෙරෙන රැස්වීම අද

    By LFNDecember 19, 2025No Comments1 Min Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කඩිනම් මූල්‍ය පහසුකමක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම සම්බන්ධයෙන් සලකාබැලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අද (19) රැස්වීමට නියමිතය.

    එහිදී අදාළ මුල්‍ය පහසුකම ලබාදීම සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

    ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ විනාශයෙන් පසුව පවතින අභියෝගවලට මුහුණදීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලීමක් සිදුකරනු ලැබීය.

    ඒ අනුව එම අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ අරමුදල් ණය පහසුකමට අමතරව මෙම මූල්‍ය පහසුකම ලබාදීමට නියමිත බව සඳහන්.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ 5වන සමාලෝචනය අවසන් කර ඇති අතර, ඊට අනුමැතිය ලබාදීම සඳහා විධායක මණ්ඩලය පසුගිය දෙසැම්බර් මස 15 වනදා රැස්වීමට නියමිතව තිබුණ ද, මෙම කඩිනම් මූල්‍ය පහසුකම ඉල්ලීම හේතුවෙන් එය කල්දමනු ලැබීය.

    කෙසේවෙතත් අද රැස්වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් එම සමාලෝචනය සම්බන්ධයෙන් ද අවධානය යොමුකිරිමට නියමිතව තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 2026

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026

    තලපති විජේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි – ලංකාව ගැනත් කියයි

    April 17, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,433 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,385 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    බලශක්ති ඇමති ඉල්ලා අස්වෙයි

    April 17, 202601 Views

    ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම විසින් ඉදිරියේ පවත්වනු ලබන අපක්ෂපාතී…

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026

    තලපති විජේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි – ලංකාව ගැනත් කියයි

    April 17, 2026

    මෝටර් රියක් අඩි 300ක් පහළට වැටෙයි – අයෙක් මරුට

    April 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.