Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඩුප්ලිකේට් සෙව්වන්දිට බිස්කට් කැවූ සැරයන්වරයාගේ වැඩතහනම්
    Featured

    ඩුප්ලිකේට් සෙව්වන්දිට බිස්කට් කැවූ සැරයන්වරයාගේ වැඩතහනම්

    By LFNDecember 16, 2025No Comments2 Mins Read134 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී ගනේමුල්ල සංජීව නමැති සංවිධානාත්මක අපරාධකරුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන දින 90 ක රැඳවුම් නියෝග මත රඳවා සිටින සැකකාරියක් වන නන්ද කුමාර් තක්ෂි නැමැති සැකකාරිය සමග සමීප සබඳතා පැවැත් වූ පොලිස් සැරයන්වරෙකුගේ වැඩ තහනමට ලක් කර තිබේ.

    එම සැරයන්වරයා සැකකාරිය සමග එක බිස්කට් එක දෙකට කඩාගෙන කා හස්ත සංඥා මාර්ගයෙන් අදහස් හුවමාරු කරගෙන ඇති බවට අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

    ඉකුත් පෙබරවාරි මස 19 වනදා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී ගනේමුල්ල සංජීව නමැති සංවිධානාත්මක අපරාධකරුට වෙඩි තබා ඝාතනය කළේය.

    එම අපරාධයේ ප්‍රධාන සැකකාරිය වූ ඉෂාරා සෙව්වන්දි අතුරුදන්ව සිට අතර පසුව ඇය සහ ඇයගේ රුවට බොහෝ සෙයින් සමාන රුවක් ඇති නන්ද කුමාර් තක්‍ෂි නැමැති මෙම සැකකාරියද ඇතුළු සැකකරුවන් හයදෙනෙකු නේපාලයේ කත්මන්ඩු නුවර නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන පසුව දිවයිනට රැගෙන එනු ලැබීය.

    ඉෂාරා සෙව්වන්දි සහ නන්ද කුමාර් තක්ෂි නැමැති සැකකාරියන් දෙදෙනා මේ වන විට දින 90 ක රැඳවුම් නියෝග මත කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ රඳවා සිටියි.

    වැඩ තහනමට ලක් කළ පොලිස් සැරයන්වරයා පසුගිය 30 වනදා රාත්‍රී 10 සිට පසුදින උදෑසන 6 දක්වා උපසේවක රාජකාරී යෙදී සිටියදී අංක 03 සිර මැදිරියේ රඳවාසිටින නන්ද කුමාර් තක්ෂි නැමති සැකකාරියට බිස්කට් ලබාදෙන බවට හා ඇය විසින් අඩක් ආහාරයට ගන්නා ලද බිස්කට් කැබැල්ලක් නිලධාරියට ලබා දී ඇති බවත් අවස්ථා කිහිපයකදීම එම සැකකාරිය රඳවා සිටි සිරමැදිරිය සමීපයට ගමන් කරන බවට හා ඇය සමඟ හස්ත සංඥා මාර්ගයෙන් අදහස් හුවමාරු කරගන්නා බවට CCTV කැමරා සමීප රූප පරික්ෂා කිරීමේදී අනාවරණය වී තිබේ.

    මේ සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,478 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202607 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.