Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පළාත් 6ක පාසල් අද ආරම්භ වෙයි
    Featured

    පළාත් 6ක පාසල් අද ආරම්භ වෙයි

    By LFNDecember 16, 2025No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් මේ වර්ෂයේ තෙවන පාසල් වාරයේ දෙවන අදියර අද (16) දිනයේ සිට ආරම්භ කෙරේ.

    තෙවන පාසල් වාරයේ දෙවන අදියර පසුගිය දෙසැම්බර් මස 8 වන දින ආරම්භ කිරීමට නියමිතව තිබුණ ද පැවති ආපදා තත්ත්වය හේතුවෙන් පාසල් ආරම්භ කිරීමේ කාලය අද දිනය දක්වා කල්දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගනු ලැබීය.

    ඒ අනුව තෙවන වාරයේ දෙවන අදියර අද දිනයේ සිට ලබන 22 වන සඳුදා තෙක් පැවැත්වීමට නියමිත අතර 23 වන දින සිට 28 වන දින දක්වා පාසල් නිවාඩු ලබා දී තිබේ.

    තෙවන පාසල් වාරයේ තෙවන අදියර දෙසැම්බර් 29 වන දින සිට දෙසැම්බර් 31 දින තෙක් පැවැත්වීමට නියමිත අතර 2026 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වාරය ජනවාරි මස පළමුවන සඳුදා දින සිට ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් සඳහා විභාග පැවැත්වීමට ජනවාරි මස 10 වන දින සිට 20 වන දින තෙක් පාසල් නිවාඩු ලබාදීමට නියමිතව තිබේ.

    2026 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර ජනවාරි මස 21 වන දින සිට පෙබරවාරි මස 13 වන දින තෙක් පැවැත්වෙන අතර පෙබරවාරි 14 වන දින සිට මාර්තු මස 2 වන දින දක්වා අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් නිවාඩු ලබාදීමට නියමිතය.

    කෙසේවෙතත් අද දිනයේ පළාත් තුනක පාසල් 640ක් ආරම්භ නොකරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

    ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් මෙලෙස ආරම්භ නොකෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කළේය.

    මේ අතර ආපදාවෙන් පීඩාවට පත් ප්‍රදේශවල සිටින පාසල් ළමුන් වෙනුවෙන් මේ වසරේ ඉදිරි කාලසීමාව සඳහා නොමිලේ ප්‍රවාහන පහසුකම් සපයන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

    එහි සභාපති සංජීව නන්දන කනකරත්න මහතා සඳහන් කළේ, අදාළ ප්‍රදේශවල පාසල් ළමුන් වෙනුවෙන් විශේෂ බස් රථ ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවය.

    මේ අතර අද දිනයේ සිට ආරම්භ වන තෙවන පාසල් වාරයේ ඉදිරි දින සඳහා පාසල් ළමුන්ට ගමන් පහසුව සැලසීම වෙනුවෙන් අමතර දුම්රියන් කිහිපයක් ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

    ප්‍රධාන මාර්ගය, මුහුදුබඩ මාර්ගය, පුත්තලම මාර්ගය සහ කැලණිවැලි මාර්ගය යන මාර්ගවල මෙම අමතර දුම්රියන් ධාවනය කිරීමට නියමිත අතර නොවැම්බර් මස දුම්රිය පාසල් වාර ප්‍රවේශ පත්‍රය භාවිත කරමින් දෙසැම්බර් මාසය තුළ දුම්රියෙන් ගමන් කිරීමට පාසල් ළමුන්ට අවශ්‍ය විධිවිධාන සපයා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,478 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202607 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.