Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රුපියල් කෝටි 21ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය සමග අයෙකු අත්අඩංගුවට
    Featured

    රුපියල් කෝටි 21ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය සමග අයෙකු අත්අඩංගුවට

    By LFNDecember 15, 2025No Comments2 Mins Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නීතිවිරෝධී කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලීසිය පැවසුවේ සැකකරු තායිලන්තයේ බැංකොක් නුවරින් අදාළ මත්ද්‍රව්‍ය මිලදී ගෙන වෙනත් පුද්ගලයෙකු ලබා මෙරට ගෙන්වා සිය නිවසේ සඟවා ගෙන ඇති බවය.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මෙම සැකකරු මෙරට ප්‍රධානම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවද පොලීසිය සඳහන් කළේය‍.

    සැකකරු විසින් විවිධ පුද්ගලයින් යොදවා විදේශ රටවල්වලින් මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වා ඇති බවත් පසුව රට පුරා එම මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරම මෙහෙයවා ඇති බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අනාවරණය කරගෙන තිබේ.

    පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් විසි එක් කෝටි හැට හය ලක්ෂ අසූදහසකට ආසන්න බවත් පොලීසිය සඳහන් කළේය.

    පසුගිය 13 වැනි දින මෙම මත්ද්‍රව්‍ය තොගය අඩංගු ගමන් මල්ල වෙනත් පුද්ගලයෙකු අත මෙරටට එවා පසුව ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කරවාගෙන ජාවාරම්කරුගේ නිවසට රැගෙන ගොස් භාරදී තිබේ.

    පසුව ජාවාරම්කරු ඊයේ (14) දින අත්බෑගයක් පමණක් රැගෙන තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට පැමිණ ඇත.

    මේ සියල්ල නිරීක්ෂණය කර ඇති පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් මෙම ව්‍යාපාරිකයා නිවසට පැමිණි පසු අදාළ නිවස වටලා ඒ වන විටත් සිය නිවසෙහි විවෘත නොකළ ගමන් මලු තුළ ඇසුරුම් 20කට සකස් කර තිබූ කුෂ් මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන ඇති අතර ඒ තුළ තිබී කිලෝ 21 ග්‍රෑම් 668ක මත්ද්‍රව්‍ය තොගයක්ද පොලිස් භාරයට ගෙන ඇත. ‍

    මීට අමතරව ජාවාරම්කරු සතුව තිබී රුපියල් පහලොස් ලක්ෂ දහ නව දහසක් වටිනා අමෙරිකානු ඩොලර් 4,900ක මුදලක්ද පොලිස් භාරවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් ජාවාරම්කරු සහ ඔහු සන්තකයේ තිබූ මත්ද්‍රව්‍ය සහ මුදල් අද වැළිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,478 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202607 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.