Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මනුෂ්‍යත්වයෙන් තොර තාක්ෂණයක් මේ ලෝකයට වැඩක් නෑ – අගමැති හරිනි
    Featured

    මනුෂ්‍යත්වයෙන් තොර තාක්ෂණයක් මේ ලෝකයට වැඩක් නෑ – අගමැති හරිනි

    By LFNDecember 14, 2025No Comments3 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලෝකය තාක්ෂණයෙන් දියුණු වීම ඉතා වැදගත් වුවත් මනුෂ්‍යත්වයෙන් තොර තාක්ෂණයකින් ලොවට කිසිදු ඵලක් නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

    ඇය පැවසුවේ පසුගිය දින කිහිපයේ මෙරටට අත්විඳින්නට හැකි වූ දිට්වා සුළි කුණාටුවෙන් ඒ බව මනාවට තේරුම් ගැනීමට හැකි වූ බවය.

    සංවර්ධනය, තාක්ෂණය ලෙස මොනයම් දෙයක් ගැන කතා කළද, ස්වභාවධර්මය සමග ගැටෙන්නට ගිය විට අප තෙතරම් කුඩාද යන්න අවබෝධකර ගත හැකි බව ඇය පැහැදිලි කළාය.

    ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයින් ඇගයීමේ බස්නාහිර පළාත් වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද (14) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

    කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල උසස් පෙළ සමත් විශිෂ්ඨයෝ 361 දෙනෙකු ඇගයීමට ලක් කරමින් රුපියල් ලක්ෂය බැගින් දිරි දීමනාවක් සහ සහතික පත් ප්‍රදානය කිරීම මෙහිදී සිදුවූ අතර, මේ සඳහා ජනාධිපති අරමුදල රුපියල් මිලියන 36.1ක් වැය කර ඇත.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,

    “ජනාධිපති අරමුදලේ කාර්යභාරය ගැන ඔබ කවුරුත් දන්නවා. ජනතාවට අයිති අරමුදල ඔබට තවදුරටත් සමීප කරවීමට අප කටයුතු කර තිබෙනවා. ජනාධිපතිතුමාගේ උපදෙස් මත උසස් පෙළ විශිෂ්ටයන්ට යම් දිරි ගැන්වීමක් ලෙස තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ. ඒ වගේම උසස් පෙළ සෑම විෂය ධාරාවකින්ම ඉහළින්ම ලකුණු ලැබූ සිසුසිසුවියන්ට තමන් කැමති විදේශීය විශ්වවිද්‍යාලයක ඉගෙන ගැනීම වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබාදීමටද තීන්දු කර තිබෙනවා.

    මේ සඳහා අයැදුම් කරන ලෙසට ඔබ සියලු දෙනාට මා යෝජනා කර සිටිනවා. අප මානව සම්පත දියුණු කරගෙන රට ඉදිරියට ගෙන යා යුතුයි. ලෝකයේ සංකීර්ණත්වය තේරුම් ගෙන මානව සම්පත බිහි කළ යුතුයි. ඒ මානව සම්පත බිහි කිරීමට රජයක් විදිහට ඕනෑම දෙයක් කිරීමට අප සූදානම්. ඒ වෙනුවෙන් 2026 සිට මේ රටේ අධ්‍යාපන ක්‍රමය පරිවර්තනය කිරීමට අප සැලසුම් කර තිබෙනවා. දැනුම අතින් පමණක් නොව, සෑම අතින්ම දක්ෂ පුරපුරක් අපට අවශ්‍යයි.

    විභාග සමත් වීම පමණක් අප අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වන්නේ නැහැ. අපට අවශ්‍ය මේ රටට, ලෝකයට අවශ්‍ය හොඳ පුරවැසියෙක් බිහි කිරීමයි. ලෝකය තාක්ෂණයෙන් දියුණු වීම ඉතා වැදගත් වුවත් මනුෂ්‍යත්වයෙන් තොර තාක්ෂණයක් මේ ලෝකයට වැඩක් නැහැ. අපිට ළඟඳීම අත්විඳින්නට හැකි වූ දිට්වා සුළි කුණාටුවෙන් ඒ බව හොඳටම තේරුම් ගත්තා. අපි සංවර්ධනය, තාක්ෂණය මේ මොන දෙයක් ගැන කතා කළත්, ස්වභාවධර්මය සමඟ හැප්පෙන්න ගියාම අපි කොතරම් පුංචිද කියන එක තේරුම් ගන්න පුළුවන්.

    අපිට මේ සුළි සුළඟ විශාල පාඩමක් උගන්වා තිබෙනවා. මනුෂත්වය ස්වභාවධර්මය අමතක කර සංවර්ධනයක් ගැන හිතන්න බැහැ. ඒ පාඩම අප ඉගෙන ගත යුතුයි. පරිසරයට ආදරය කරන, ස්වභාවධර්මය ආරක්ෂා කරන, නායකත්වයක් තිබෙන, අනෙකා ගැන හැඟීමක් තිබෙන, වගකීමක් භාරගත හැකි මානව සම්පතක් බිහි කිරීම අපිට අවශ්‍යයි.

    ඔබට මේ කරන ඇගයීම තුළින් දෙයක් තේරුම්ගත යුතුයි. මේ කරන්නේ ඔබේ, රටේ අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක්. මෙමඟින් ඔබ අපට වටින බව පෙන්නුම් කරනවා. ඔබ මෙතැනට ඇවිත් තිබෙන්නේ තනිවම නොවෙයි. හොඳ පවුල් පරිසරයක් ඔබට තිබෙනවා. ඔබට හොඳ ගුරුවරුන් මුණගැසෙන්න ඇති. ඔබට අවශ්‍යම තැන්වල හරි මඟ පෙන්වූ නෑදෑයන්, ගුරුවරුන්, මිතුරන් ඉන්න ඇති. ඒ සියලු වරප්‍රසාද සමඟ තමයි ඔබ මෙතැනට ඇවිත් තිබෙන්නේ. සෑම රජයක්ම ඔබේ අධ්‍යාපනය වෙනුවෙන් මැදිහත්වී තිබෙනවා. ඒ මැදිහත්වීම කරන්නේ මේ රටේ ජනතාවගේ බදු මුදල්වලින් බව කිව යුතුයි. ඔබ මෙතැනට ගෙන එන්න විශාල ව්‍යුහයක්, කණ්ඩායමක් මැදිහත් වී තිබෙනවා. එනිසා ඔවුන් වෙනුවෙන් යමක් කිරීමට ඔබට වගකීමක් තිබෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,478 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202607 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.