Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මෝටර් රියක් අඩි 300ක් පහළට වැටෙයි – අයෙක් මරුට

    April 17, 2026

    එක ශ්‍රේණි ගුරු පුහුණු මැයි 16 අවසන්

    April 17, 2026

    අඩු බර දරු උපත් වැඩිවෙයි

    April 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සහන කඳවුරුවල සිටින පිරිස යළි පදිංචි කරවීම කඩිනමින්
    Featured

    සහන කඳවුරුවල සිටින පිරිස යළි පදිංචි කරවීම කඩිනමින්

    By LFNDecember 14, 2025No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සහන කඳවුරුවල දැනට 7000කට ආසන්න පුද්ගලයින් ප්‍රමාණයක් සිටින බවත් ඔවුන් මාස 2ක් හෝ 3ක් ඇතුළත නැවත පදිංචි කරවීමට පියවර ගන්නා බවත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.

    සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවාස 6138 පවතින අතර ඊට අදාළ පුද්ගලයින් යළි පදිංචි කරවීමට යම් කාලයක් ගතවනු ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා අද (14) මේ බව සඳහන් කර සිටියේය.

    ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ දත්ත මත පදනම්ව අර්ධ හානි සිදු වූ නිවාසවල අවදානමක් නොමැති නම් ඔවුන් පදිංචි කරවිය හැකි ද යන්න පිළිබඳව සොයා බලා ඔවුන් යළි තම නිවාසවල පදිංචි කරවීමේ කටයුතු කඩිනම් කරන බවද මෙහිදී අදහස් දක්වමින් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසුවේය.

    එමෙන්ම ප්‍රධාන වශයෙන් ඇති අභියෝගය වන්නේ සම්පූර්ණයෙන් නිවාස හානි සිදු වූ අය පදිංචි කරවීම බවත් ඒ සඳහා රජය ගෙන යන විශේෂ වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කරවීමට සැලසුම් කර ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

    එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවසුවේ ඉඩම් ආපදාවට ලක්වූවන් පදිංචි කරවීම සඳහා ඉඩම් ලබා දීමට රජයේ ඉඩම් පිළිබඳව තොරතුරු ලබා දෙන ලෙස සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුවත් කර ඇති බවය.

    සුරක්ෂිත කඳවුරු ක්‍රියාත්මක වන පාසල් සහ තවදුරටත් අවදානම් සහිත පාසල් හැර අනෙකුත් සියලුම පාසල් දෙසැම්බර් මාසේ 16 වෙනිදා ආරම්භ කරන බවද කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී සඳහන් කර සිටියේය.

    එමෙන්ම මෙහිදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ සහනාධාර බෙදාදීමේ දී හෝ අත්‍යවශ්‍ය සේවා නොලැබීම සම්බන්ධයෙන් මහජනතාවට යම් ගැටලුවක් ඇත්නම් ‘1904’ දුරකතන අංකයට ඔස්සේ දැනුවත් කිරීම් සිදු කළ හැකි බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රියක් අඩි 300ක් පහළට වැටෙයි – අයෙක් මරුට

    April 17, 2026

    එක ශ්‍රේණි ගුරු පුහුණු මැයි 16 අවසන්

    April 17, 2026

    අඩු බර දරු උපත් වැඩිවෙයි

    April 17, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,432 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,385 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    මෝටර් රියක් අඩි 300ක් පහළට වැටෙයි – අයෙක් මරුට

    April 17, 202604 Views

    බලංගොඩ සිට බගවන්තලාව හරහා මහනුවර දක්වා ධානයව වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක්…

    එක ශ්‍රේණි ගුරු පුහුණු මැයි 16 අවසන්

    April 17, 2026

    අඩු බර දරු උපත් වැඩිවෙයි

    April 17, 2026

    වියළි කාලගුණය නිසා පොල් ඵලදාව අඩුවෙයි

    April 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.