Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මෝටර් රියක් අඩි 300ක් පහළට වැටෙයි – අයෙක් මරුට

    April 17, 2026

    එක ශ්‍රේණි ගුරු පුහුණු මැයි 16 අවසන්

    April 17, 2026

    අඩු බර දරු උපත් වැඩිවෙයි

    April 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආපදාවෙන් හානි වූ නිවාස ගණන 6,000 ඉක්මවයි
    Featured

    ආපදාවෙන් හානි වූ නිවාස ගණන 6,000 ඉක්මවයි

    By LFNDecember 14, 2025No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිට්වා සුළි කුණාටුව සමග ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් මෙරට සිදුවූ නිවාස හානි සංඛ්‍යාව 6,000 ඉක්මවා තිබේ.

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (14) නිකුත් කළ නවතම වාර්තාවක සඳහන්ව ඇත්තේ පැවැති ආපදා තත්ත්වයෙන් පූර්ණ ලෙස හානි වූ නිවාස සංඛ්‍යාව 6,164ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.

    එමෙන්ම මෙම ආපදා තත්ත්වයෙන් තවත් නිවාස 112,110ක් අර්ධ හානියට ලක්ව ඇතැයිද එම වාර්තාවේ සඳහන් වේ.

    මෙම නිවාස හානි අතුරින් පූර්ණ නිවාස හානි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙනි.

    ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස 2,013ක් ආපදාවෙන් සම්පූර්ණ ලෙස විනාශයට පත්ව තිබේ.

    දෙවැනියට වැඩිම පූර්ණ නිවාස හානි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වන අතර එහි නිවස 767ක් පූර්ණ හානියට පත්වඇත.

    අර්ධ හානි නිවාස වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයෙන් වන අතර එම දිස්ත්‍රික්කයේ නිවාස 21,137ක් අර්ධ හානියට ලක්ව තවත් නිවාස 632ක් පූර්ණ හානියත් පත්න ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

    මීට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිවාස 596ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ නිවාස 587, කෑගල්ල දිස්ත්‍රික්කයේ නිවාස 265ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ නිවාස 256ක්, මාතලේ දිස්ත්‍රික්කයේ නිවාස 247ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිවාස 245ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නිවාස 157ක්, අම්පාර දිස්ත්‍රික්කයේ නිවාස 111ක් පූර්ණ වශයෙන් හානි වී ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

    එමෙන්ම පිළිවෙළින් මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස 14,562ක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ නිවාස 13,517ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ නිවාස 8,825ක්, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවාස 8,540ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ නිවාස 7,934ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිවාස 4,817ක්, කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස 4,433ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නිවාස 4,124ක්, වවුනියාව දිස්ත්‍රික්කයේ නිවාස 4,121ක්, මාතලේ දිස්ත්‍රික්කයේ නිවාස 3,773ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිවාස 3,746ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිවාස 3,058ක් ආදී ලෙස වැඩිම නිවාස හානි ප්‍රමාණයක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවේ සඳහන්ව ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රියක් අඩි 300ක් පහළට වැටෙයි – අයෙක් මරුට

    April 17, 2026

    එක ශ්‍රේණි ගුරු පුහුණු මැයි 16 අවසන්

    April 17, 2026

    අඩු බර දරු උපත් වැඩිවෙයි

    April 17, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,432 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,385 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    මෝටර් රියක් අඩි 300ක් පහළට වැටෙයි – අයෙක් මරුට

    April 17, 202605 Views

    බලංගොඩ සිට බගවන්තලාව හරහා මහනුවර දක්වා ධානයව වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක්…

    එක ශ්‍රේණි ගුරු පුහුණු මැයි 16 අවසන්

    April 17, 2026

    අඩු බර දරු උපත් වැඩිවෙයි

    April 17, 2026

    වියළි කාලගුණය නිසා පොල් ඵලදාව අඩුවෙයි

    April 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.