Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විපතට පත් ජනතාවට සහන සලසන්න රුපියල් බිලියන 13ක්
    Featured

    විපතට පත් ජනතාවට සහන සලසන්න රුපියල් බිලියන 13ක්

    By LFNDecember 14, 2025No Comments1 Min Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආපදා නිසා විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා මේ වන විට රුපියල් බිලියන 13ක මුදලක් සමස්ථයක් ලෙස ලබා දී ඇති බව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසයි.

    සහන වැඩපිළිවෙලට ආධාර ලෙස ලැබුණු මුදල් සහ භාණ්ඩාගරයෙන් ලබා දුන් මුදල් ඇතුළුව මෙම සමස්ථ මුදල සහන සැලසීමට ලබා දී ඇති බව ඒ මහතා සඳහන් කළේය.

    ඊයේ (13) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මේ බව පැවසීය.

    එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ ජනතාවගේ ජීවිතය යථාවත් කිරීමට සහ ව්‍යාපාරිකයින්ට සිය ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ කිරීමට සහයෝගය දැක්වීම සඳහා මෙම මුදල් යොදවා ඇති බවය.

    ආපදා නිසා විපතට පත් ජනතාවට සහ ව්‍යාපාරික ප්‍රජාවට අවශ්‍ය ආධාර උපකාර, උපකරණ මෙන්ම මුදල් පරිත්‍යාග ද නන්දෙසින් ලැබෙන බව සඳහන් කළ ලේකම්වරයා සියල්ලගෙන් ලැබෙන මෙම සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාවය ද පළ කර සිටියේය.

    මෙම සහන සැලසීමේ යාන්ත්‍රණය හොඳින් ක්‍රියාත්මක වන බවත් ඒ හේතුවෙන් එම සහන ජනතාවට, පුරවැසියන්ට, ප්‍රදේශයන්ට ලබා දීම සාර්ථකව සිදු කර ගැනීමට හැකියාව ලැබී ඇති බවත් එහිදී ඒ මහතා අවධාරණය කළේය.

    අමෙරිකාවේ ස්ටාලින්ක් ආයතනය විසින් ආපදා කළමනාකරණ කටයුතු සාර්ථකව කර ගැනීමට සබඳතා පවත්වා ගැනීම සඳහා ස්ටාලින්ක් යුනිට් 100ක් පරිත්‍යාග කර ඇති බව ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202604 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.