Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026

    තලපති විජේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි – ලංකාව ගැනත් කියයි

    April 17, 2026

    මෝටර් රියක් අඩි 300ක් පහළට වැටෙයි – අයෙක් මරුට

    April 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි
    Featured

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    By LFNDecember 14, 2025No Comments2 Mins Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කාන්තාවක් සහ තරුණයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තිබේ.

    ඊයේ (13) මෙම අනතුරු සිදුව තිබුණේ බොරලැස්ගමුව, වැල්ලව, දංකොටුව, මදුරාගොඩ සහ කඩවත පොලිස් වසම්වලදීය.

    කොළඹ – හොරණ මාර්ගයේ පිරිවෙන හන්දිය අසලදී ලොරි රථයක් අතුරු මාර්ගයකට හැරවීමට යාමේදී විරුද්ධ දිසාවෙන් පැමිණි යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් යතුරුපැදිකරු හා පසුපැදිකරු බරපතළ තුවාල ලබා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය රෝහලට ඇතුළත් කිරීමේදී පැදිකරු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

    එලෙස මියගොස් ඇත්තේ, මොරටුව ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙකි.

    මේ අතර වැල්ලව පොලිස් වසමේ ගෝනගම – රංගම මාර්ගයේ රත්මලේ ප්‍රදේශයේදී ටිපර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළීගොස් අනතුරක් සිදුව ඇත.

    අනතුරින් ටිපර් රථයේ රියදුරු හා මගීන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා වාරියපොල රෝහලට ඇතුළත් කිරීමේදී රියදුරු මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, වාරියපොල ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිද පුද්ගලයෙකි.

    මේ අතර දංකොටුව – පන්නල මාර්ගයේ සිංගක්කුලිය ප්‍රදේශයේ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව විරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු දංකොටුව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිව සිටි 18 හැවිරිදි තරුණයෙකි.

    මේ අතර මාතලේ – කුරුණැගල මාර්ගයේ අල්වලවලපිටිය ප්‍රදේශයේදී ලොරි රථයක් ඉදිරියෙන් එම දිසාවටම ධාවනය වූ යතුරුපැදියකට ඉස්සර කිරීමට යාමේදී ලොරි රථය යතුරුපැදියේ ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු රිදීගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, මදුරාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි අයෙකි.

    මේ අතර කොළඹ – මහනුවර මාර්ගයේ බණ්ඩාරවත්ත පාලම අසලදී ලොරි රථයක් අතුරු මාර්ගයකට හැරවීමට යාමේදී එම දිසාවටම ධාවනය වූ යතුරුපැදියක් ලොරි රථයේ ගැටී අනතුරක් සිදුව තිබේ.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකාරිය රාගම රෝහලට ඇතුළත් කිරීමේදී පසුපැදිකාරිය මියගොස් ඇති බව පොලීසිය පවසයි.

    එලෙස මියගොස් ඇත්තේ, කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි කාන්තාවකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 2026

    තලපති විජේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි – ලංකාව ගැනත් කියයි

    April 17, 2026

    මෝටර් රියක් අඩි 300ක් පහළට වැටෙයි – අයෙක් මරුට

    April 17, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,433 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,385 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,588 Views
    Don't Miss

    ගල්අඟුරු වංචා ගැන හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරයි

    April 17, 202602 Views

    ශ්‍රී ලංකාව තුළ ගල් අඟුරු ආශ්‍රිත විදුලි ජනන ක්‍රියාවලිය ආරම්භ වූ අවස්ථාවේ සිට 2026 අප්‍රේල්…

    තලපති විජේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි – ලංකාව ගැනත් කියයි

    April 17, 2026

    මෝටර් රියක් අඩි 300ක් පහළට වැටෙයි – අයෙක් මරුට

    April 17, 2026

    එක ශ්‍රේණි ගුරු පුහුණු මැයි 16 අවසන්

    April 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.