Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉරානයට යළි බෝම්බ හෙලන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

    April 21, 2026

    දිට්වා ආපදා සඳහා වන වන්දි ලබාදීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කරන්න ලෙස අගමැතිනියගෙන් උපදෙස්

    April 21, 2026

    නීතිවිරෝධීව මෙරට රැඳී සිටි විදේශිකයින් 50ක් අත්අඩංගුවට

    April 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නායයෑම් ගැන අලුත්ම වාර්තාව – සමස්ත භූමියෙන් 30%ක් නායයෑම් සිදුවිය හැකි බවට හඳුනාගනී
    Featured

    නායයෑම් ගැන අලුත්ම වාර්තාව – සමස්ත භූමියෙන් 30%ක් නායයෑම් සිදුවිය හැකි බවට හඳුනාගනී

    By LFNDecember 12, 2025No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මේ වනවිට මෙරට දිස්ත්‍රික්ක 14ක නායයෑම් සිදුවිය හැකි බවට හඳුනාගෙන ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (12) පැවති, පවතින කාලගුණ හා ආපදා තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසා සිටියේ, මෙරට සමස්ත භූමියෙන් 30%ක් නායයෑමේ සිදුවන බවට හඳුනාගෙන ඇති බවය.

    එමෙන්ම මෙලෙස හඳුනාගත් ප්‍රදේශයේ ජනගහනය 34%ක් සිටින බවද පැවසු ඒ මහතා එම සමස්ත භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 20,000ක් පමණ වන බව ද කියා සිටියේය.

    දිට්වා සුළි කුණාටුව සමඟ ඇති වූ අධික වර්ෂාව සමඟ නායයෑමට ලක්විය හැකි ස්ථාන පරීක්ෂා කරදීමට ඉල්ලීම් 2,710ක් ලැබී ඇති බවත් මේ වනවිට ඉන් 589ක් පරීක්ෂා කර අවසන් බවත් වසන්ත සේනාධීර මහතා පැවසීය.

    ආපදාවට ලක්වූ ස්ථානයන් සම්බන්ධයෙන් ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප අනුව මීටර් 10ට වඩා වැඩියෙන් නාය ගිය ස්ථාන 1,241ක් හඳුනාගෙන ඇති බවත්, නිවාසවලට බලපෑම් නොමැති ස්ථාන 919ක් හඳුනාගෙන ඇති බවත් පැවසු වසන්ත සේනාධීර මහතා, නිවාසවලට බලපෑම් ඇති වූ නායයෑම් 322ක් වාර්තා වූ බවද කියා සිටියේය.

    ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයට ලැබෙන තත්කාලීන තොරතුරු මත අනතුරුදායක තත්ත්වය හඳුනාගෙන පුද්ගලයින් 15,000කට අධික සංඛ්‍යාවක් එම ස්ථානවලින් ඉවත්වෙන ලෙස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හරහා දැනුවත් කර ඇතැයි ද පැවසු වසන්ත සේනාධීර මහතා, තමන් සිටින තත්ත්වය තේරුම් ගෙන අදාළ උපදෙස් පිළිපඳින ලෙස ද කියා සිටියේය.

    මේ අතර, අනවසර හෝ වෙනත් ආකාරයේ නිවාස හෝ ගොඩනැඟිලිවල සිටින පුද්ගලයින් ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් ලබාදෙන උපදෙස් නිසි ලෙස පිළිපැදීම වැදගත් බව ද වසන්ත සේනාධීර මහතා පැවසීය.

    මීට පෙර ඇති වූ ආපදා හේතුවෙන් බොහෝමයක් ජීවිත අහිමි වී ඇත්තේ පස් කණ්ඩි කඩා වැටීමෙන් වන අතර, ඒ පිළිබඳ වඩාත් සැලකිලිමත් වෙන ලෙසද වසන්ත සේනාධීර මහතා ජනාතාවගෙන් ඉල්ලා සිටී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිට්වා ආපදා සඳහා වන වන්දි ලබාදීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කරන්න ලෙස අගමැතිනියගෙන් උපදෙස්

    April 21, 2026

    නීතිවිරෝධීව මෙරට රැඳී සිටි විදේශිකයින් 50ක් අත්අඩංගුවට

    April 21, 2026

    දහම් පාසල් ගුරු විභාගයේ අයැදුම් කාලය දිගු කරයි

    April 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,589 Views
    Don't Miss

    ඉරානයට යළි බෝම්බ හෙලන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

    April 21, 202604 Views

    දැනට ක්‍රියාත්මක වන සති දෙකක සටන් විරාමය තවදුරටත් දීර්ඝ කිරීමට තමාට නොහැකි බව අමෙරිකානු ජනාධිපති…

    දිට්වා ආපදා සඳහා වන වන්දි ලබාදීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කරන්න ලෙස අගමැතිනියගෙන් උපදෙස්

    April 21, 2026

    නීතිවිරෝධීව මෙරට රැඳී සිටි විදේශිකයින් 50ක් අත්අඩංගුවට

    April 21, 2026

    දහම් පාසල් ගුරු විභාගයේ අයැදුම් කාලය දිගු කරයි

    April 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.