පාර්ලිමේන්තුව ජනවාරි 6 වැනිදාට පෙර කැඳවන්නැයි අගමැතිනියගෙන් ඉල්ලීමක් කිරීමට සමග ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය තීරණය කර ඇත.
මන්ත්‍රීවරුන් විසි පස් දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් අගමැතිනියට අද හෙටම බාර දෙමින් මෙම ඉල්ලීම කිරීමට බලාපොරොත්තු වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
පසුගිය දිනවල ඇතිවූ ආපදාව සහ එමගින් ජනතාවට සිදුවූ බලපෑම මෙන්ම සහන සේවා කටයුතු සම්බන්ධයෙන් මේ දක්වා පුළුල් සාකච්ඡාවක් පවත්වා නැති හෙයින් ඒ සඳහා අවස්ථාව උදාකර ගැනීමට මෙම ඉල්ලීම කරන බවද ඔහු සඳහන් කළේය.
එම ලිපියට මන්ත්‍රීවරැන්ගෙන් අත්සන් ගැනීම දැනටමත් ආරම්භ කර ඇත.
මෙම ඉල්ලීම කිරීමට තීරණය කර ඇත්තේ සමග ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය
අයවැය අවසාන ඡන්ද විමසීමෙන් පසු පාර්ලිමේන්තුව ලබන ජනවාරි මස 6 වැනිදා දක්වා කල්තැබිණ
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතාද ආපදාව ගැන සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුව ජනවාරි 6 වැනිදාට පෙර කැඳවන්නැයි අගමැතිනියගෙන් පසුගියදා ඉල්ලීමක් කළේය
