Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉරානයට යළි බෝම්බ හෙලන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

    April 21, 2026

    දිට්වා ආපදා සඳහා වන වන්දි ලබාදීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කරන්න ලෙස අගමැතිනියගෙන් උපදෙස්

    April 21, 2026

    නීතිවිරෝධීව මෙරට රැඳී සිටි විදේශිකයින් 50ක් අත්අඩංගුවට

    April 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නායයෑම් රතු නිවේදන තවදුරටත්…අනවශ්‍ය ගමන් බිමන් එපා -NBRO ජනතාවගෙන් ඉල්ලයි
    Featured

    නායයෑම් රතු නිවේදන තවදුරටත්…අනවශ්‍ය ගමන් බිමන් එපා -NBRO ජනතාවගෙන් ඉල්ලයි

    By LFNDecember 12, 2025No Comments2 Mins Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 33කට මේ වනවිට නිකුත් කර තිබූ නායයෑම් ඉවත්වීමේ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කළ බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.

    පසුගිය දින කිහිපය තුළ බදුල්ල සහ මහනුවර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 75 ඉක්මවු වර්ෂාවක් ලැබීම හේතුවෙන් මෙම නායයෑම් රතු නිවේදන තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ, ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා කියා සිටියේය.

    ඊයේ (11) දිනය තුළ මීගහකිවුල, දෙමෝදර යන ප්‍රදේශවල නායයෑම් සිදුවීම් වාර්තා වන බැවින් ඒ පිළිබඳව ජනතාව නිරන්තරයෙන් අවධානයෙන් සිටිය යුතු බවද ඒ මහතා අවධාරණය කළේය.

    යම් ආකාරයක අනතුරුදායක තත්ත්වයක් අදාළ භූමියන්ගේ පවතින බැවින් කාලගුණ අනාවැකි සැලකිල්ලට ගෙන අදියර 2 යටතේ අවදානයෙන් සිටින ලෙස දන්වා නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීමද දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 38කට එලෙසින්ම ක්‍රියාත්මක වේ.

    මීට අමතරව අදියර 1 යටතේ විමසිලිමත් වෙන ලෙස දන්වා නිකුත් කළ නායයෑම් නිවේදනය දිස්ත්‍රික්ක තුනක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17කට තවදුරටත් ක්‍රියාත්මක වන බව ද ආචාර්ය වසන්ත සේනාධීර මහතා කියා සිටියේය.

    ලැබෙන වර්ෂාපතනය සමඟ මෙම නිවේදන වෙනස් විය හැකි බැවින් අදාළ ප්‍රදේශවල සිටින ජනතාව ඒ පිළිබඳ නිරන්තරයෙන් අවධානයෙන් සිටිය යුතු බව ද ඒ මහතා පැවසීය.

    ජීවිත රැසක් මේ වනවිට අහිමි වී ඇති පසුබිමක ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය හෝ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන නිවේදන ගැන නිරන්තරයෙන්ම ජනතාව අවධානය යොමු කළ යුතු බව ද පැවසු ආචාර්ය වසන්ත සේනාධීර මහතා නැවත එවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇති නොවීමට ලබාදෙන ලබන උපදෙස් නිසිලෙස පිළිපඳින ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටී.

    පසුගිය නොවැම්බර් මස 20 වන දින සිට අද (12) දක්වා වූ කාලය තුළ අනතුරුදායක ඉල්ලීම් පරීක්ෂා කිරීමට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය වෙත ඉල්ලීම් 2,716ක් ලැබී ඇති අතර, එයින් 589ක් මේ වනවිට නිමකර වසන්ත සේනාධීර මහතා පැවසීය.

    රට තුළ පවතින ආපදා තත්ත්වය තුළ මේ දිනවල සිදුකළ යුතු සුදුසුම දේ වන්නේ අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී ආරක්ෂිත ස්ථානයක ජීවත්වීම බවද අවධාරණය කර සිටි වසන්ත සේනාධීර මහතා සති අන්තයේ විනෝද චාරිකා යන්න යෑමට ඇති හැකියාව පිළිබඳව විමසා ජනතාවගෙන් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයට දුරකථන ඇමතුම් කිහිපයක් ලැබුණු බවද මෙහිදී කියා සිටියේය.

    තවමත් රට තුළ අවදානම් තත්ත්වයක් පවතින බැවින් “මේ වෙලාව විනෝද චාරිකා යෑමට අවස්ථාවක් නෙමෙයි…අපි ඉන්නේ අනතුරුදායක තත්ත්වයක” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිට්වා ආපදා සඳහා වන වන්දි ලබාදීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කරන්න ලෙස අගමැතිනියගෙන් උපදෙස්

    April 21, 2026

    නීතිවිරෝධීව මෙරට රැඳී සිටි විදේශිකයින් 50ක් අත්අඩංගුවට

    April 21, 2026

    දහම් පාසල් ගුරු විභාගයේ අයැදුම් කාලය දිගු කරයි

    April 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,589 Views
    Don't Miss

    ඉරානයට යළි බෝම්බ හෙලන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

    April 21, 202604 Views

    දැනට ක්‍රියාත්මක වන සති දෙකක සටන් විරාමය තවදුරටත් දීර්ඝ කිරීමට තමාට නොහැකි බව අමෙරිකානු ජනාධිපති…

    දිට්වා ආපදා සඳහා වන වන්දි ලබාදීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කරන්න ලෙස අගමැතිනියගෙන් උපදෙස්

    April 21, 2026

    නීතිවිරෝධීව මෙරට රැඳී සිටි විදේශිකයින් 50ක් අත්අඩංගුවට

    April 21, 2026

    දහම් පාසල් ගුරු විභාගයේ අයැදුම් කාලය දිගු කරයි

    April 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.