Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අල්ලස් ඉල්ලූ පොලිස් කොස්තාපල් හා සැරයන් අත්අඩංගුවට
    Featured

    අල්ලස් ඉල්ලූ පොලිස් කොස්තාපල් හා සැරයන් අත්අඩංගුවට

    By LFNDecember 12, 2025No Comments1 Min Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රු.5,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලූ පොලිස් කොස්තාපල්වරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු අල්ලස් චෝදනා මත ඊයේ (11) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්තනකඩවල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, දියබෙදුම පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ සේවය කරමින් සිටි නිලධාරීන් දෙදෙනෙක්ය.

    අදාළ පැමිණිලිකරු විසින් ඔහුට අයත් යතුරුපැදියෙන් පසුගියදා (දෙසැ. 9) ගමන්කරමින් සිටියදී එම යතුරුපැදිය අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා නවතා පරීක්ෂා කර තිබේ.

    එහිදී වලංගු රියැදුරු බලපත්‍රයක් හා ආදායම් බලපත්‍රයක් නොමැතිව මෙන්ම බීමත්ව ධාවනය කිරීමක් ඔවුන්ට අනාවරණය වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් නීති මගින් කටයුතු නොකර පැමිණිලිකරුගේ යතුරුපැදියේ රක්ෂණ සහතිකය සහ කල්ඉකුත් වූ ආදායම් බලපත්‍රය සැකකාර පොලිස් නිලධාරීන්ගේ භාරයට ගෙන තිබේ.

    එම බලපත්‍ර දෙක ආපසු ලබාදීම සඳහා රු. 5,000ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඇත.

    ඒ අනුව අදාළ නිලධාරීන් දෙදෙනා ඊයේ පෙ.ව.11.30ට පමණ දියබෙදුම සතිපොළ ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරුවන් හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202604 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.