Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගර්භණී කාන්තාවන්ට දෙසැම්බරයේ දී පෝෂණ දීමනාවක්

    December 12, 2025

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    December 12, 2025

    විදෙස් රටවලින් ලැබුණු ආධාර ක්‍රමවත්ව බෙදාදීමට පියවර

    December 12, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සංවිධානාත්මක අපරාධකරුවන්ට ආධාර අනුබල දුන් දෙදෙනෙක් අත්අඩංගුවට
    Featured

    සංවිධානාත්මක අපරාධකරුවන්ට ආධාර අනුබල දුන් දෙදෙනෙක් අත්අඩංගුවට

    By LFNDecember 11, 2025No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වීම, පතරොම් සන්තකයේ තබා ගැනීම, සංවිධානාත්මක අපරාධකරුවන්ට අයත් මුදල් බැංකු ගිණුම්වල ඇතුලත් කරගෙන ගණුදෙනු කිරීම හා සංවිධානාත්මක අපරාධකරුවන්ට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.

    පසුගිය (09) රාත්‍රියේ මරදාන පොලිස් වසමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ මෙහෙයුමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

    සැකකරු වයස අවුරුදු 32 ක් වන මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකාරිය වයස අවුරුදු 25 ක් වන ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

    මෙම සැකකරු හා සැකකාරිය තාවකාලිකව රැඳී සිටි කොළඹ 10 ප්‍රදේශයේ ලැඟුම්හලක කාමරය පරික්ෂා කිරීමේදී සැකකරුට අයත් ලැප්ටොප් බෑගයක් තුල සඟවා තිබූ 9mm ජීව පතරොම් 15 ක්ද, සැකකරුගේ ප්‍රකාශ මත කුට්ටිගල පොලිස් වසමේ තුංකම ප්‍රදේශයේ පිහිටි නිවසක් පරික්ෂා කර එම නිවසේ අල්මාරියක් තුල සඟවා තිබූ මත්ද්‍රව්‍ය ජාවාරම් හෝ සංවිධානාත්මක අපරාධ සිදු කර උපයා ගත් බවට සැක කරන රුපියල් පහලොස් ලක්ෂ තිස් හතර දහසක මුදලක් ද (රු. 1,534,000/=) විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇත.

    මෙම සැකකරු හා සැකකාරිය මේ වන විට රැඳවුම් නියෝග මත බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ ඥාතීන් බවටද අනාවරණය වී තිබේ.

    මොවුන් පැය 72 ක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගර්භණී කාන්තාවන්ට දෙසැම්බරයේ දී පෝෂණ දීමනාවක්

    December 12, 2025

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    December 12, 2025

    විදෙස් රටවලින් ලැබුණු ආධාර ක්‍රමවත්ව බෙදාදීමට පියවර

    December 12, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,360 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    ගර්භණී කාන්තාවන්ට දෙසැම්බරයේ දී පෝෂණ දීමනාවක්

    December 12, 20250121 Views

    ඇති වූ ආපදා තත්ත්වය සහ එළැඹෙන උත්සව සමය පදනම් කර ගනිමින් ගර්භණී කාන්තාවන්ට රුපියල් 5,000ක්…

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    December 12, 2025

    විදෙස් රටවලින් ලැබුණු ආධාර ක්‍රමවත්ව බෙදාදීමට පියවර

    December 12, 2025

    ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට

    December 12, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.