Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බුද්ධශාසන සභාව රැස්වෙයි
    Featured

    බුද්ධශාසන සභාව රැස්වෙයි

    By LFNDecember 10, 2025No Comments2 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ත්‍රෛනිකායික මහා සංඝරත්නය පෙරටු කරගනිමින් පිහිටුවන ලද බුද්ධශාසන සභාවේ දෙවෙනි රැස්වීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ දී ඊයේ (09) පස්වරුවේ පැවැත්වුණි.

    බුද්ධශාසන සභාවේ දෙවෙනි රැස්වීම මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී, ආචාර්ය පූජ්‍ය පහමුණේ සුමංගල නායක ස්වාමීන්ද්‍රයන්වහන්සේගේ මූලිකත්වයෙන් සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් විය.

    බුද්ධශාසන සභාවේ ලේකම් ධුරය දරන ලද්දේ අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරි පූජ්‍යපාද බලපිටියේ සිරි සීවලී නායක හිමිපාණන්වහන්සේ විසින්ය.

    අප රට මුහුණ දුන් ස්වභාවික ව්‍යසනය නිසා අනතුරට පත් වූ සහ බලපෑමට ලක් වූ බෞද්ධ විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථාන පිළිබඳ මෙහිදී ප්‍රමුඛ ලෙස අවධානය යොමු වූ බව වාර්තා වෙයි.

    රජය විසින් සමස්තයක් ලෙස ලබාදෙන ආපදා හානි වන්දි මුදලට අමතරව බුද්ධශාසන අරමුදල සහ දානපතියන්ගේ මැදිහත්වීමෙන් අරමුදල් සපයා ගනිමින් විහාරස්ථාන වෙත තවදුරටත් සහන සැලසීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී තිබේ.

    එහිදී වැඩමකොට සිටි සියලු ස්වාමීන්වහන්සේලාගේ ප්‍රසාදය ඒ සඳහා හිමිවිය.

    එමෙන්ම ජාතික වෙසක් උත්සවය වඩාත් ඵලදායී සහ උත්කර්ෂවත් ලෙස පැවැත්වීමටත් මින් පෙර වසරවලදී ඒ සඳහා වැය වූ පරිපාලන වියදම් අවමකර එම මුදල් විහාරස්ථානවල සංවර්ධන කටයුතු සඳහා යෙදවීම සඳහාත් තීරණය කෙරිණි.

    දහම් පාසල් අධ්‍යාපනයේ තරගකාරීත්වය අවම කිරීමත් දහම් පාසල් ‘සිසු නිපුණතා’ තරගාවලිය නැවත සමාලෝචනය කිරීමත් පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණි.

    බුදු සසුනට එල්ලවන අභියෝගවලට විසඳුම් සෙවීම ඇතුළු කරුණු රැසක් පිළිබඳ විධිමත්ම සාකච්ඡා කෙරුණු මෙම අවස්ථාව සඳහා සියම්, අමරපුර සහ රාමඤ්ඤ යන නිකායත්‍රයට අයත් පාර්ශ්ව 31ක් නියෝජනය කරන මහා ලේඛකාධිකාරී ස්වාමීන්වහන්සේලා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් පත්කරන ස්වාමින්වහන්සේලා සිව් නමක් සහ ගිහි නියෝජිතයෙකු ද අමාත්‍යාංශ නිලධාරීහු ද එක්වී සිටියහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.