ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වැනි සංවත්සරය අද (09) අභිමානවත්ව සමරන ලදී.
එහිදී නාවික හමුදා පුද්ගලයින් 2,086 ක් වෙත උසස්වීම් පිරිනමා තිබුණි.
ඒ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ මහතාගේ නිර්දේශය මතය.
ඒ අනුව, නිලධාරීන් 17 දෙනෙකු ඊළඟ නිලය වෙතත්, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් 2069 දෙනෙකු ඊළඟ තරාතිරම් වෙතත් උසස් කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කර තිබේ.
