Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ව්‍යාජ විදේශ රැකියා ආයතන පවත්වාගෙන ගිය පුද්ගලයින් තිදෙනෙකු කොටුවෙයි

    February 20, 2026

    රටම එකට මෙහෙයුමෙන් මේ දක්වා අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 99,000 ඉක්මවයි

    February 20, 2026

    ජනපති අනුර සහ ඉන්දීය අගමැති අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

    February 20, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමට එක්සත් ජාතීන්ගේ පූර්ණ සහාය
    Featured

    ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමට එක්සත් ජාතීන්ගේ පූර්ණ සහාය

    By LFNDecember 9, 2025No Comments2 Mins Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අයහපත් කාලගුණය නිසා ඇති වූ විපත්තිකාරි තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සහන සේවා සහ නැවත ගොඩනැගීමේ ක්‍රියාවලියට එක්සත් ජාතීන්ගේ සහාය ලබා දෙන බවට ශ්‍රී ලංකාවේ නේවාසික එක්සත් ජාතීන්ගේ නියෝජිත මාර්ක් ඇන්ඩෘෘ මහතා පොරොන්දු වී තිබේ.

    විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ මාර්ක් ඇන්ඩෘෘ මහතා අතර හමුවක් ඊයේ (08) අමාත්‍යංශයේ සිදුවූ අවස්ථාවේ දී ඔහු මේ බව පවසා ඇත.

    එමෙන්ම මෙම ආපදාවෙන් විපතට පත් සියලු ජනතාව සඳහා වහාම එක්සත් ජාතින්ගේ සංවිධානය ක්ෂණික ආධාර අරමුදල යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 4.5ක මුදලක් ලබා දීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කළ අතර එම මුදල සංකේතාත්මකව අමාත‍්‍ය විජිත හේරත් මහතාට පිරිනැමීම ද සිදුකර තිබුණි.

    එක්සත් ජාතීන් කරනු ලබන ආධාර යටතේ ආහාර සුරක්ෂිතතාවය, නිවාස, පානීය ජලය, අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්මාන්තය හා ධීවර අංශ සඳහා ප්‍රමුඛතාව ලබා දෙනු ඇත. මේ සඳහා විස්තරාත්මක ඇගැයීමක් සිදු කිරීම පිණිස දැනමටත් OCHA සංවිධානයේ 05 දෙනෙකෙුගෙන් යුතු කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් දැනුම් දී තිබේ.

    මේ සියලු කටයුතු සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා ප්‍රකාශ කර ඇත.

    ආපදාව නිසා රටේ ජනජීවිතය, ආර්ථිකය, කෘෂි කර්මාන්තය ඇතුළු සියලු ක්ෂේත්‍රවල ඇති වූ බලපෑමෙන් යළි ගොඩනැගීම් ක්‍රියාවලිය සඳහා ජාත්‍යන්තරයේ අඛණ්ඩ සහාය අවශ්‍ය බව අමාත්‍ය විජිත හේරත් මහතා පෙන්වා දී ඇති අතර ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමට ආධාර ලබා දෙන රටවල් සමඟ කටයුතු කිරීමට නිව්යෝර්ක් සහ ජිනීවා එක්සත් ජාතීන්ගේ කාර්යාල හරහා කටයුතු කරන බවට ද මාර්ක් ඇන්ඩෘෘ මහතා ප්‍රකාශ කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ව්‍යාජ විදේශ රැකියා ආයතන පවත්වාගෙන ගිය පුද්ගලයින් තිදෙනෙකු කොටුවෙයි

    February 20, 2026

    රටම එකට මෙහෙයුමෙන් මේ දක්වා අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 99,000 ඉක්මවයි

    February 20, 2026

    ජනපති අනුර සහ ඉන්දීය අගමැති අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

    February 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,422 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,375 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ව්‍යාජ විදේශ රැකියා ආයතන පවත්වාගෙන ගිය පුද්ගලයින් තිදෙනෙකු කොටුවෙයි

    February 20, 20260120 Views

    වීසා උපදේශනය ලබා දෙන බව පවසමින් ව්‍යාජ විදේශ රැකියා ආයතන පවත්වාගෙන ගිය පුද්ගලයින් තිදෙනෙකු ප්‍රදේශ…

    රටම එකට මෙහෙයුමෙන් මේ දක්වා අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 99,000 ඉක්මවයි

    February 20, 2026

    ජනපති අනුර සහ ඉන්දීය අගමැති අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

    February 20, 2026

    පසුගිය වසරේත් උද්භිද උද්‍යාන ආදායම රුපියල් බිලියනය ඉක්මවයි

    February 20, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.