Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජලාශවල ජල මට්ටම් ක්‍රමයෙන් පහළට
    Featured

    ජලාශවල ජල මට්ටම් ක්‍රමයෙන් පහළට

    By LFNDecember 8, 2025No Comments2 Mins Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයිනේ සියලුම ජලාශවල ජල මට්ටම් සාමාන්‍ය ජල මට්ටමක් කරා පැමිණෙමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේ වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ මිනුම් මධ්‍යස්ථානවල දත්ත අනුව කිසිදු ජලාශයක ගංවතුර මට්ටමක් කරා තවදුරටත් නොපවතින බවය.

    එමෙන්ම පසුගිය පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය වූ මිලිමීටර් 50-100ත් අතර ප්‍රමාණයක් ප්‍රධාන ජලාශ කිහිපයක් ආශ්‍රිතව වාර්තා වී ඇති බවත් ඒ අනුව කැලණි, කළු ගඟ ආශ්‍රිතව මිලිමීටර් 50-100ත් අතර ප්‍රමාණයක් මෙන්ම එමෙන්ම ගිං ගඟ සහ නිල්වලා ගඟ, අත්තනගලු ඔය ආශ්‍රිතව මිලිමීටර් 50ක වර්ෂාපතනයක් වාර්තාවූ බවත් ඒ මහතා සඳහන් කළේය.

    කෙසේ නමුත් මෙම වර්ෂාපතනය ගංගාවල ජල මට්ටම් ඉහළ යාම සඳහා බලපාන වර්ෂාපතනයක් නොවන බවත් පැවසූ ඒ මහතා සඳහන් කර සිටියේ මේ සම්බන්ධව අනියත බියක් ඇති කරගත යුතු නොවන බවය.

    එමෙන්ම දෙපාර්තමේන්තුව සතුව පවතින වාරි පද්ධති සැලකීමේදි ප්‍රධාන වැව් 30කට ආසන්න ප්‍රමාණයක වාන් දැමීම හෝ වාන් දොරටු විවෘත කිරීම සිදුකර ඇති බවත් වාන් දොරටු විවෘත කර ජලාශවල ජල මට්ටම් පහළ දැමීම සඳහා රාජාංගන, දැදුරු ඔය, නාච්චදූව, සේනානායක සමුද්‍රය, වෙහෙරගල සහ ලුණුගම්වෙහෙර වැනි ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

    කෙසේ නමුත් එම ජලාශවල ජල මට්ටම් ඉහළ යාමකට තරම් ජල මට්ටමක් නිදහස් නොකරන බවත් පාලනයකින් යුතුව ඉදිරියේදී ලැබෙන වර්ෂාපතනය සැලකිල්ලට ගෙන එය කළමනාකරණ කර ගැනීම සඳහා ජල මට්ටම් අඩු කිරීම සිදුකරන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    එමෙන්ම ඉදිරි දින කිහිපයේත් වර්ෂාපතනය ලැබීමේ පුරෝකථන පවතින බැවින් මේ සම්බන්ධව අවධානය යොමු කරන ලෙසත් ඉදිරි තත්ත්වයන් සම්බන්ධව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුවත් කිරීම් සිදුකරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.