පනාමුර මිද්දෙණිය මාර්ගයේ ලේල්ලවල ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ පුද්ගලයින් දෙදෙනා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 190ක් ද පොලීසිය විසින් සොයා ගෙන තිබේ.
සැකකරුවන් අවුරුදු 27 හා 36 වයස්වල පසුවන සෙවනගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බව පොලීසිය පැවසීය.
පනාමුර පොලීය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
