Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉරානයට යළි බෝම්බ හෙලන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

    April 21, 2026

    දිට්වා ආපදා සඳහා වන වන්දි ලබාදීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කරන්න ලෙස අගමැතිනියගෙන් උපදෙස්

    April 21, 2026

    නීතිවිරෝධීව මෙරට රැඳී සිටි විදේශිකයින් 50ක් අත්අඩංගුවට

    April 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අත්‍යවශ්‍ය සේවා ලබා ගැනීමේදී ඇතිවන පැමිණිලි කියන්න දුරකථන අංකයක්
    Featured

    අත්‍යවශ්‍ය සේවා ලබා ගැනීමේදී ඇතිවන පැමිණිලි කියන්න දුරකථන අංකයක්

    By LFNDecember 7, 2025No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රට පුරා අත්‍යවශ්‍ය සේවා ලබා ගැනීමේදී ඇතිවන පැමිණිලි සහ දුෂ්කරතා කඩිනමින් වාර්තා කිරීම සඳහා 1904 ක්ෂණික ඇමතුම් අංකය හඳුන්වා දී තිබේ.

    අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය විසින් එම දුරකථන අංකය හඳුන්වා දී ඇත.

    විදුලි සැපයුම, රෝහල් සහ හදිසි වෛද්‍ය සේවා, මහජන ප්‍රවාහනය සහ සැපයුම්, ජල සැපයුම සහ සනීපාරක්ෂාව, ආහාර සහ අත්‍යවශ්‍ය භාණ්ඩ, විදුලි සංදේශ සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා සහ අති විශේෂ ගැසට් පත්‍ර අංක 2464/29 යටතේ ප්‍රකාශයට පත් කරන ලද වාරිමාර්ග සහ අනෙකුත් අත්‍යවශ්‍ය මහජන සේවා සම්බන්ධ ගැටලු වාර්තා කිරීමට මෙම ක්ෂණික ඇමතුම් අංකය භාවිතා කළ හැකිය බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය පවසයි.

    හදිසි අවස්ථා හෝ සේවා බිඳ වැටීමකදී මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි සඳහා නියමිත වේලාවට ප්‍රතිචාර දැක්වීම, වඩා හොඳ සම්බන්ධීකරණයක් සහ කාර්යක්ෂම විසඳුමක් සහතික කිරීම සඳහා මෙම වැඩපිළිවෙල හඳුන්වා දී ඇති බව සඳහන්ය.

    1904 වෙත ලැබෙන සියලුම ඇමතුම් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලයේ මෙහෙයුම් මධ්‍යස්ථානය මගින් භාරගනු ලබන අතර, එහිදී පැමිණිලි පරීක්ෂා කර, ප්‍රමුඛතාවය ලබා දී, කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ අංශයන්හි ක්‍රියාත්මක කණ්ඩායම් වෙත යොමු කර බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය පවසයි.

    කඩිනම් විසඳුම් සඳහා පහසුකම් සැලසීම පිණිස, මෙම ක්ෂණික ඇමතුම් අංකය වගකීමෙන් යුතුව භාවිතා කරන ලෙසත්, නිවැරදි තොරතුරු ලබා දෙන ලෙසත්, සියලුම පුරවැසියන්ගෙන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය ඉල්ලා සිටී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිට්වා ආපදා සඳහා වන වන්දි ලබාදීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කරන්න ලෙස අගමැතිනියගෙන් උපදෙස්

    April 21, 2026

    නීතිවිරෝධීව මෙරට රැඳී සිටි විදේශිකයින් 50ක් අත්අඩංගුවට

    April 21, 2026

    දහම් පාසල් ගුරු විභාගයේ අයැදුම් කාලය දිගු කරයි

    April 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,589 Views
    Don't Miss

    ඉරානයට යළි බෝම්බ හෙලන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

    April 21, 202607 Views

    දැනට ක්‍රියාත්මක වන සති දෙකක සටන් විරාමය තවදුරටත් දීර්ඝ කිරීමට තමාට නොහැකි බව අමෙරිකානු ජනාධිපති…

    දිට්වා ආපදා සඳහා වන වන්දි ලබාදීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කරන්න ලෙස අගමැතිනියගෙන් උපදෙස්

    April 21, 2026

    නීතිවිරෝධීව මෙරට රැඳී සිටි විදේශිකයින් 50ක් අත්අඩංගුවට

    April 21, 2026

    දහම් පාසල් ගුරු විභාගයේ අයැදුම් කාලය දිගු කරයි

    April 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.