Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සාම පාගමන දඹුල්ලෙන් ආරම්භ වෙයි

    April 22, 2026

    අදත් ප්‍රදේශ රැසකට මි.මී 75 ඉක්මවූ වැසි

    April 22, 2026

    ඉරානයට යළි බෝම්බ හෙලන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

    April 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දිට්වා බලපෑම සැලකිල්ලට ගෙන බදු ගෙවන්නන්ට දැනුම්දීමක්
    Featured

    දිට්වා බලපෑම සැලකිල්ලට ගෙන බදු ගෙවන්නන්ට දැනුම්දීමක්

    By LFNDecember 6, 2025No Comments2 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආදායම් බදු සඳහා ලියාපදිංචි වී ඇති සියලුම තැනැත්තන් සිය ආදායම් බදු වාර්තා නොවැම්බර් 30 වනදා හෝ එදිනට පෙර භාර නොදුන්නහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිදුකළ දැනුම්දීම සංශෝධනය කර තිබේ.

    ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් එම දෙපාර්තමේතුව සඳහන් කර සිටියේ, අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවය.

    එම දෙපාර්තමේන්තුව පසුගියදා දන්වා සිටියේ, 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ විධිවිධානවලට අනුව සියලුම තැනැත්තන් 2024/2025 තක්සේරු වර්ෂය සඳහා වන ඔවුන්ගේ ආදායම් වාර්තා 2025 නොවැම්බර් 30 වනදා හෝ ඊට පෙර ගොනු කළ යුතු බවය.

    කෙසේ වෙනත් ‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑම සහ ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට බලපාන ලද අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් බොහෝ බදු ගෙවන්නන්ට සහ ඔවුන්ගේ නියෝජිතයින්ට නියමිත කාල සීමාව තුල ආදායම් වාර්තා ගොනුකිරීමේ අවශ්‍යතාව සපුරාලීමට නොහැකි වී ඇත.

    එම තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් බදු ගෙවන්නන් 2024/2025 තක්සේරු වර්ෂය සඳහා වන ආදායම් වාර්තා 2025 දෙසැම්බර් 31 වන දින හෝ ඊට පෙර ගොනු කරන්නේ නම් වාර්තා ප්‍රමාද වී ගොනුකිරීම සඳහා දේශීය ආදායම් පනතේ වන නීතිමය ප්‍රතිපාදන වන දණ්ඩන පැනවීම, තක්සේරු නිකුත් කිරීම හෝ අපරාධ නඩු පැවරීම ආදියෙන් තොරව නම ආදායම් වාර්තා ගොනු කිරීමට හැකියාව සලසා තිබේ.

    ඒ අනුව වාර්තා මෙතෙක් භාරදීමට නොහැකි වූ සියලුම බදු ගෙවන්නන්හට ආදායම් වාර්තා ගොනුකිරීම සඳහා ලබා දී ඇති මෙම සහන කාලය භාවිතා කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දන්වා සිටී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සාම පාගමන දඹුල්ලෙන් ආරම්භ වෙයි

    April 22, 2026

    අදත් ප්‍රදේශ රැසකට මි.මී 75 ඉක්මවූ වැසි

    April 22, 2026

    දිට්වා ආපදා සඳහා වන වන්දි ලබාදීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කරන්න ලෙස අගමැතිනියගෙන් උපදෙස්

    April 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,589 Views
    Don't Miss

    සාම පාගමන දඹුල්ලෙන් ආරම්භ වෙයි

    April 22, 202602 Views

    ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ”Walk For Peace” සාමයේ පා ගමන අද (22) දඹුල්ලෙන් ඇරඹෙන අතර අප්‍රේල්…

    අදත් ප්‍රදේශ රැසකට මි.මී 75 ඉක්මවූ වැසි

    April 22, 2026

    ඉරානයට යළි බෝම්බ හෙලන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

    April 21, 2026

    දිට්වා ආපදා සඳහා වන වන්දි ලබාදීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කරන්න ලෙස අගමැතිනියගෙන් උපදෙස්

    April 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.