Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමට ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන්ගේ සහාය
    Featured

    ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමට ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන්ගේ සහාය

    By LFNDecember 4, 2025No Comments3 Mins Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිට්වා සුළි කුණාටුවෙන් පසු තත්ත්වය තක්සේරු කිරීම සහ සහන සේවා, ගලවා ගැනීමේ සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ආධාර සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල, ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සංවර්ධන හවුල්කරුවන් සහ ජාත්‍යන්තර ණය දෙන ආයතන එක්රැස් කරමින් මුදල් අමාත්‍යාංශය ඊයේ (03) ඉහළ මට්ටමේ පරිත්‍යාගශීලීන්ගේ රැස්වීමක් කැඳවීය.

    මහ බැංකු අධිපතිවරයා සහ මහා භාණ්ඩාගාර ලේකම්වරයාගේ සම-සභාපතිත්වයෙන් පැවති මෙම රැස්වීමට ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාර යන මහත්වරු ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙන්ම අග්‍රාමාත්‍ය කාර්යාලය, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ප්‍රධාන භාණ්ඩාගාර දෙපාර්තමේන්තු නියෝජිතයන් සහභාගී වී තිබුණි.

    ආපදාව හමුවේ හදිසි ප්‍රතිචාර දැක්වීමේ සිට පුළුල්, දිගුකාලීන යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීමේ රජයේ අරමුණ අවධාරණය කරමින් , සුළි කුණාටුවෙන් රටේ සියලුම ක්ෂේත්‍රවලට සිදු වූ පුළුල් හානිය පිළිබඳ දළ විශ්ලේෂණයක් මහා භාණ්ඩාගාර ලේකම්වරයා විසින් මෙහිදී ඉදිරිපත් කර තිබේ.

    විශේෂයෙන් ආහාර සැපයුම්, ප්‍රදාන, සහනදායී මූල්‍යකරණය සහ කෙටි කාලීන සිට මධ්‍ය කාලීන ආධාර වැනි වේගවත් මානුෂීය සහයෝගයක හදිසි අවශ්‍යතාවය ඔහු අවධාරණය කළ බව සඳහන් වේ.

    ආර්ථික අංශ හැකිලීම සහ දේශීය ණය ගැනීම් සඳහා ඇති සීමිත ඉඩ ප්‍රමාණය හේතුවෙන් ඇති වන සීමාවන් සැලකිල්ලට ගනිමින්, බාහිර මූල්‍ය සහයෝගයේ වැදගත්කම මහ බැංකු අධිපතිවරයා අවධාරණය කර තිබේ.

    සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා ජාත්‍යන්තරයේ රටවල් දිරිමත් කරන ලෙසත්, සංචාරකයින් වැඩි ප්‍රමාණයක් මෙරටට යොමු කරන ලෙසත් මෙහිදී රාජ්‍ය නිලධාරීන් තානාපතිවරුන්ගෙන් සහ මහකොමසාරස්වරුන්ගෙන් ඉල්ලා සිටියහ.

    මෙම තීරණාත්මක කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවට සහාය ලබා දීමේ සිය කැපවීම මෙහිදී නියෝජිත පිරිස තහවුරු කළහ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෙකු මෙහිදී සඳහන් කළේ , විස්තීරණ අරමුදල් පහසුකමේ හයවන වාරිකය වන ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 350 ක් සති දෙකක් ඇතුළත ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

    බලපෑමට ලක් වූ ජන ජීවිතය යළි නගාසිටුවීම සහ රෝග පැතිරීම වැළැක්වීම සඳහා ආපදා සහන මෙහෙයුම්, හදිසි සේවා සහ ආහාර, පිරිසිදු පානීය ජලය, සනීපාරක්ෂක කට්ටල, වෛද්‍ය සැපයුම් සහ හදිසි සෞඛ්‍ය සේවා වැනි අත්‍යවශ්‍ය මානුෂීය සැපයුම් ඇතුළු ක්ෂණික ආධාර සඳහා රටවල් රැසක් මේ වන විට ඉදිරිපත්ව සිටින අතර ඇතැම් රටවල් දැනටමත් ආපදා සහන සහ මානුෂීය කණ්ඩායම් මෙරටට එවා තිබේ.

    ප්‍රධාන මාර්ග, පාලම්, වාරිමාර්ග පද්ධති සහ ප්‍රවාහන පද්ධතිය ඇතුළු හානියට පත් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය සඳහා සහාය වීමට සහ පවතින ණය පහසුකම් නැවත සැලසුම් කිරීම පිළිබඳ මෙහිදී අවධානය යොමු විය. දිගුකාලීන සංවර්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා නව ණය සහ ප්‍රදාන පැකේජ සඳහා විකල්ප සොයා බැලීමද සිදු කෙරිණි.

    ලෝක බැංකුව දැනටමත් කඩිනම් පශ්චාත් ආපදා තක්සේරුවක් ආරම්භ කර ඇති අතර, නිවාස, යටිතල පහසුකම්, කෘෂිකර්මාන්තය සහ සේවා ආවරණය වන පරිදි පුළුල් හානි සහ අවශ්‍යතා තක්සේරුවක් පිළිබඳවද සාකච්ඡා පවත්වා තිබේ.

    අත්‍යවශ්‍ය සේවා යථා තත්ත්වයට පත් කිරීම, බලපෑමට ලක් වූ පවුල්වලට සහාය වීම සහ යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ සඳහා සියලුම ජාත්‍යන්තර මිත්‍ර රටවලින් ලැබෙන අඛණ්ඩ සහාය පිළිබඳ මෙරට හෘදයාංගම කෘතඥතාව එහිදී පළ කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202604 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.