Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    යොදා මිනිස් බලයක් – රැකගමු මිහිතලයක්

    April 22, 2026

    සුරියා ලංකාවට

    April 22, 2026

    අත්අඩංගුවට ගත් ප්‍රේමලාල් ජයසේකර අද අධිකරණයට

    April 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»IMF හයවන වාරිකය ඉදිරි සති දෙක තුළ ලැබෙන බවට සහතිකයක්
    Featured

    IMF හයවන වාරිකය ඉදිරි සති දෙක තුළ ලැබෙන බවට සහතිකයක්

    By LFNDecember 4, 2025No Comments2 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකමේ 6වන වාරිකය ඉදිරි සති දෙක ඇතුළත ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් පවසයි.

    ඒ අනුව හයවන වාරිකය ලෙස ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 350ක මුදලක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය.

    දිට්වා සුළි කුණාටුවෙන් පසු විපතට පත් ජනතාවට සහන සැලසීම සහ ප්‍රතිස්ංස්කරණ කටයුතු සදහා ආධාර සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික දුත මණ්ඩල, ද්විපාර්ශ්වික, බහු පාර්ශ්වික සංවර්ධන හවුල්කරුවන් සහ ජාත්‍යන්තර ණය දෙන ආයතන එක්රැස් කරමින් මුදල් අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවක දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් මේ බව ප්‍රකාශ කර තිබේ.

    මහබැංකු අධිපතිවරයා සහ මහා භාණ්ඩාගාර ලේකම්වරයාගේ සම සභාපතීතත්වයෙන් පැවති මෙම රැස්වීමට ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව ඇතුලු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් රැසක් එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

    ආපදාව හමුවේ හදිසි ප්‍රතිචාර දැක්වීමේ සිට පුළුල් දිගු කාලීන යළි ගොඩනැගීමේ වැඩපිළිවෙල ආරම්භ කිරීමේ රජයේ අරමුණ අවධාරණය කරමින් සුළි කුණාටුවෙන් රටේ සියලුම කේෂත්‍රවලට සිදුවු පුළුල් හානිය පිළිබද දල විශ්ලේෂණයක් මහා භාණ්ඩාගාර ලෙකම්වරයා විසින් මෙහිදී ඉදිරිපත් කර ඇත.

    ආර්ථික අංශ හැකිලීම හා දේශීය ණය ගැනීම සදහා පවතින සීමිත ඉඩප්‍රමාණය හේතුවෙන් ඇතිවන සීමාවන් සැලකිල්ලට ගනිමින් බාහිර මුල්‍ය සහයෝගයේ වැදගත්කම මහබැංකු අධිපතිවරයා මෙහිදී අවධාරණය කළ බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

    මෙම තීරණාත්මක කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවට සහය ලබා දීමේ සිය කැපවීම මෙහිදී ජාත්‍යන්තර නියෝජිත පිරිස තහවුරු කර ඇති අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයෙකු පැවසුවේ විස්තීරණ අරමුදල් පහසුකමේ 6වන වාරිකය කඩිනමින් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    යොදා මිනිස් බලයක් – රැකගමු මිහිතලයක්

    April 22, 2026

    අත්අඩංගුවට ගත් ප්‍රේමලාල් ජයසේකර අද අධිකරණයට

    April 22, 2026

    සාම පාගමන දඹුල්ලෙන් ආරම්භ වෙයි

    April 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,589 Views
    Don't Miss

    යොදා මිනිස් බලයක් – රැකගමු මිහිතලයක්

    April 22, 202601 Views

    ජගත් මිහිතල දිනය අදට (22) යෙදී තිබේ. මෙවර එහි තේමාව වන්නේ Our Power – Our…

    සුරියා ලංකාවට

    April 22, 2026

    අත්අඩංගුවට ගත් ප්‍රේමලාල් ජයසේකර අද අධිකරණයට

    April 22, 2026

    ඉරානය සමඟ සටන් විරාමය දීර්ඝ කිරීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්

    April 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.